අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිය ගිය වියපත් මවකගේ පාංශුකූලයට වඩින්න  නායක හිමි  රුපියල් 24000ක්  ඉල්ලලා… ඥාතීන් පොලිිසි යයි!

රුපියල් 24000 පවුලෙන් පන්සලට අත් හැරුණ දාන සඳහා දඩ මුදල බව නා හිමි කියයි!

by editor
අගෝස්තු 4, 2023
in පුවත්
robe
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

  • අවට පන්සල්වලටත් කතා කරලා පාංශුකූලයට නොවඩින ලෙස බලපෑම් කරලා…. පොලිිසිය මැදිහත් වී අසල පන්සලකින් හිමිවරු 10 නමක් ගෙන්වා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූලය දෙයි….

මියගිය හැටහය වියැති   තම මවගේ පාංශුකූල කටයුතු  සඳහා පැමිණීමට ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ  රුපියල් විසිහතරදාහක මුදලක් ඉල්ලා සිටින බව පවසා එම පුතු විසින්  පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා පොලිස් ආරක්ෂාව මැද එම මාතාවගේ පාංශුකූලය සිදුකළ පුවතක් දිඹුලාගල අරලගංවිල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අරලගංවිල සූරියගල රුහුණගම අංක 164 ලිපිනයේ පදිංචි එන්.පී.දොලි මැණිකේ නැමැති 66 හැවිරිදි හත් දරු මවක් ඉකුත් දෙවැනිදා මියගොස් තිබේ.

මවගේ පාංශුකූලයට වැඩම කරන ලෙස පන්සලේ නායක හිමියන්ට ආරාධනා කරන්නට ගිය සඳකැළුම් සම්පත් කුමාර  නැමති ඒ මවගේ පුතා අමතමින් එම හිමියන් පවසා ඇත්තේ    පාංශුකූලයට වැඩීමට නම්  රුපියල් විසි හතර දහසක් අවශ්‍ය බවය.

පන්සලෙන් කෙලින්ම අරලගංවිල පොලිසියට ගිය මෙම පුද්ගලයා විසින්  සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල   අප කළ විමසීමකදී සඳහන් කළේ මෙම පැමිණිල්ලෙන් අනතුරුව විහාරාධිපති හිමියන් පොලිසියට ගෙන්වා මේ පවුල වැටී ඇති අසරණ තත්ත්වය පිළිබඳව ආයාචනාත්මක දැනුම්වත් කිරීමක් කළ බවය.

පැය දෙකකට අධික කාලයක් තමන් ස්වාමීන් වහන්සේට තත්වය පහදා දීමට උත්සාහ කළත් ඉන් පලක් නොවුන හෙයින් පොලිසිය මැදිහත් වී කජුවත්ත ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු කර  මවගේ දේහයේ අවසන් කටයුතු  බඩල්කුඹුර පොදු සූසාන භූමියේ සිදුකළ බව  පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

වාර්තාවන පරිදි මවගේ බරපතල රෝග තත්ත්වය නිසා මේ   පවුලට වසර දෙකකට අධික කාලයක් විහාරස්ථානයට දානය ලබා දීමට නොහැකි වී ඇත.

නායක හිමියන් මවගේ පාංශුකූලයට වැඩම කිරීම සඳහා රුපියල් 24000ක් ඉල්ලා ඇත්තේ ඊට දඩ මුදල වශයෙනි. මසකට රුපියල් දහස බැගින් මාස 24ට රුපියල් 24000ක් දායක සභාවට ගෙවිය යුතු බවට නායක හිමියන් පාංශුකූල ආරාධනාවට ගිය පුතාට  තරයේ ප්‍රකාශකර ඇත.

අනතුරුව පවුලට ඥාති සම්බන්ධකම් තිබෙන මිහින්තලේ විහාරාධිපති ස්වාමින්වහන්සේ නමක් පාංශුකූල කටයුතුවලට වඩින බව දැනගත් නායක හිමියන් එම ගමන ද වළක්වා ඇත.

මෙම තත්ත්වයෙන් අසරණභාවයට පත් පුතු බැරිම තැන පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අදාල විහාරාධිපති හිමිනම අවට විහාරස්ථානවලට සහ කජුවත්ත ආරාමයේ විහාරාධිපති ස්වාමිනවහන්සේලාට එම නිවසේ පාංශුකූල වලට සහ අවසන් කටයුතුවලට නොවඩින බවට බලපෑම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අනතුරුව පොලිසිය මැදිහත්වීමෙන් කජුවත්ත ආරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමග පොලිසිය සිදුකළ සාකච්ඡාවකින් පසු උන්වහන්සේලා කිසිදු ප්‍රවාහන ගාස්තුවකින් තොරව වෑන් රථයකින් පැමිණ මවගේ අවසන් කටයුතු සිදු කර තිබේ.

එම ස්වාමීන්වහන්සේලා අදාල විහාරාධිපති ස්වාමීන්වහන්සේ හමුවි සාකච්ඡාවක් කර එම ගැටලුව නිරාකරණය ගැනීමට හැකියාව ලැබි ඇති බවද අරලගංවිල පොලිසිය පවසයි.

මේ පිලිබදව කරුණු විමසීමට   විහාරාධිපති ස්වාමීන්වහන්සේ කිහිපවරක් සම්බන්ද කරගැනීමට උත්සාහ දැරුවද එය අසාර්ථක විය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල්ගේ මංගල සාදයේ ලක්ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නෑ – CEB

Next Post

සජිත් මිහින්තලේ විදුලි බිල ගෙවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.