දිනසේන රතුගමගේ –
අනතුරට පත් මියන්මාර් බෝට්ටුවේ සිටි පුද්ගලයින් 105 දෙනාම වහාම ක්‍රියාත්මකවන පරිදි අද ( 22 ) මීගමුවේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෙත පිටත් කරන ලෙස යාපනය අධිකරණයෙන් ඊයේ නියෝගයක් ලැබී තිබේ.
මෙම ජනතාව නීති විරෝධී පිරිසක් නොවන බවට හා ඔවුන් පැමිණි බෝට්ටුව අබලන් වූ බව සත්‍ය වශයෙන්ම හෙළිදරව් වී තිබීමත් නිසා මේ පිරිසට සිරකරුවන් ලෙස නොසලකන මෙන් යාපනය අධිකරණයට ගොණු කළ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව යාපනය අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කොට තිබේ.
ඒ අනුව මියන්මාර් ජාතිකයින් 105 දෙනාද බෝට්ටුව පදවන ලද දෙමළ ජාතිකයාද ඇතුළුව 105 දෙනාම මීගමුව රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජාගේ අධීක්ෂණය යටතේ මෙම වැසියන් පිරිස ගිලන් රථයක් හා බස් රථ තුනක ආධාරයෙන් යාපනයේ සිට මීගමුවට යැවීමට පියවර ගෙන තිබේ.
කන්කසන්තුරේ පොලීසිය විසින් මියන්මාර් වැසියන්ට එරෙහිව පනවා ඇති නඩුව ජනවාරි මස 2 දා යාපනය අධිකරණයේදී විභාග වීමට නියමිතය.







