දිනසේන රතුගමගේ –
පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් 19 දා මන්නාරමේ මුසලි ප්‍රදේශයේ කරදිකුලි මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ.
මුසලි ප්‍රදේශයේ ධීවරයන් මේ බව බලධාරීන්ට දැණුම් දීමෙන් පසුව ධීවර පරීක්ෂක නිලධාරීන් පොලීසිය හා නාවික හමුදාව එම ප්‍රදේශයට ගොස් මුහුදු වෙරළට ගොඩ ගසන ලද තල්මසාගේ මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකොට ඇත.
මීට දින කීපයකට පෙර අසාධ්‍ය තත්ත්වයෙන් මෙම මුසලි ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගැසූ කැස්බෑවන් දෙදෙනෙකුගෙන් එක් කැස්බෑවෙකු ස්වල්ප වේලාවකට පසුව මිය ගිය අතර අනෙක් කැස්බෑවා තවමත් ජීවත් වෙයි.
එම කැස්බෑවන් හා තල්මසා මියයාමට හේතුව මෙතෙක් පැහැදිලිව කවරෙකු හෝ සනාථ කොට නොමැත.
නමුත් මන්නාරමේ ධීවරයෝ ප්‍රකාශ කරන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම මත මේ සත්ත්වයින් මියයන බවයි.