සැක සහිත මත්ද්‍රව්‍ය සහිත මිද්දෙනියේ දී සොයා ගත් ටැල්ක් පාෂාන තොගය සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කර අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
පසුගිය බදාදා ( 12) මෙම අධිකරණ නියෝගය වලස්මුල්ල පොලිසිය වෙත ලැබී ඇත.
මෙම ටැල්ක් පාෂාණ තොගය වළ දමා තිබිය දී හමුවුන පසු පසුගිය සැප්තැම්බර් 6 වන දින සිදු කරන ලද මූලික පරීක්ෂාවන්වල දී එහි අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව හෙළි විය.
මේ නඩුව පසුගිය 12 වැනිදා කැඳවූ අවස්ථාවේ දී වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ මෙම ටැල්ක් තොගය හා මිශ්‍රවී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ අනෙකුත් විශේෂතා තීරණය කිරීම සඳහා සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කරන ලෙසය.
ඒ අනුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් නොවැම්බර් 13 සහ 14 යන දිනවල විශේෂ පරීක්ෂණය සිදු කළහ.
මිද්දෙනිය පොලිසිය පැවසුවේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවයි.







