මනම්පිටිය නිමල් ජයරත්න –
ප්‍රකට සහල් ව්‍යාපාරිකයකු වන මිත්‍රපාල ලන්කේෂ්වරගේ වැලිකන්ද සිංහපුර පිහිටි වී මෝල් සංකීර්ණයේ අද ( 24 ) සවස 2.30 ට පමණ ගින්නක් හටගෙන ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
පැතිර යන එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකකය දැනුවත් කර ගින්න නිවීමට අවශ්‍ය සියලු පියවර ගත් බවද පොලිසිය පවසයි.
එහි සේවකයකු පැවසුවේ දහයියා අළු තැන්පත් වු ප්‍රදේශයේ මෙම ගින්න හටගත් බවය.
අප මේ පිළිබඳව මිත්‍රපාල ලංකේෂරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, කුඩා කාමරයක වයර් ෂෝට් එකක් වී ඇති බවත්, එය ගැටලුවක් නොමැති බවත්ය.







