බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිට පෙරත් අවස්ථා 14ක දී රේගු ප්‍රධානියා පත් කළ කමිටු මගින් කන්ටේනර් 1000ක් නිදහස් කරලා… කමිටුවේ නිර්දේශ ඒ ලෙසම ක්‍රියාත්මක කරනවා… රජය කියයි!

by editor
ජූලි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආන්දෝලනාත්මක කන්ටේනර් 323 නිදහස් කිරීමට අදාල සිද්ධියේ දී රජයේ කිසිම ඇමතිවරයෙක් ඊට වගකිව යුතු බවට කිසිම තැනක සඳහනක් නෑ… රජය සහතික කර කියයි…

ආන්දෝලනාත්මක කන්ටේනර් 323 නිදහස් කිරීමට අදාල සිද්ධියේ දී රජයේ කිසිම ඇමතිවරයෙක් ඊට වගකිව යුතු බවට කිසිම තැනක සඳහනක් නැති බවත් වරාය තදබයද අවස්ථාවලදී මින් පෙර අවස්ථා 14කදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද කමිටු හරහා කන්ටේනර් දහසකට වඩා නිදහස් කර ඇති බව කමිටු වාර්තාවෙන් හෙළිදරවු වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය  නලින්ද ජයතිස්ස පැවසුවේය.

අද කැබිනට් මාධ්‍ය හමුවේ දී මතුවූ පැනයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධ කථිකාව ඇති වූ වහාම ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය භාණ්ඩාගාර ඒ.කේ සෙනවිතරත්නගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ බවය.

එම කමිටුවේ නිර්දේශය වන්නේ මේ ක්‍රියාවලිය නැවත සිදුනොවීම සඳහා සිද්ධිය සම්බන්ධව හඳුනාගැනීමට විගණනයක් සහ වෝහාරික විගණනයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ මෙවැන්නකි.

” බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව ඇමතිවරු නියෝග සහ උපදෙස් ලබා දුන් බවට කිසිම තැනක සඳහනක් නෑ… සාමාන්‍යයෙන් රේගුවේ බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය ඔබ දන්නවා ඇති කියලා හිතනවා. රතු ලේබලය සහිත කන්ටේනර්වලට නිර්දේශ වී තිබෙන්නේ භෞතිකව සහ සාමාන්‍ය ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීම. කහ ලේබලය තිබෙන්නේ ස්කෑන් පරීක්ෂාව ලක් කිරීම හා සාම්පල පරීක්ෂා කිරීම. කොළ ලේබලය යටතේ පුලුවන් ඒ අයගේ විශ්වාසය මත ලිපි ලේඛන පරීක්ෂා කරලා ස්කෑන් කිරීමකට හෝ භෞතික පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කිරීමට.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සාමාන්‍යයෙන් අපේ රටේ වර්ෂයේ අවසානයේ අලුත් අවුරුදු කාලේ රේගුවේ මෙහෙම බහාලුම් සම්බන්ධව තදබදයක් එනවා. ඒ වෙලාවෙදි බහාලුම් සම්බන්ධව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ලේබල් සහිත කන්ටේනර් නිදහස් කිරීමට කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවේ නිර්දේශ මත නිදහස් කිරීම සම්බන්ධව තීන්දු කරනවා.

ඒ අනුව නිදහස් කරන ලද කන්ටේනර් සම්බන්ධව යම් යම් තැන්වල වාර්තා නිකුත් වෙන්න ගත්තට පස්සේ වෘත්තීය සමිති යම් දෙයක් කියන්න ගත්තට පස්සේ ජනාධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයා ලෙස ජනවාරි 30 වැනිදා නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා මේ ගැන හොයලා බලන්න… ඒ නියෝජ්‍ය භාණ්ඩාගාර ඒ.කේ සෙනවිතරත්න මහත්මයා කමිටුවෙ සභාපති කරලා.

ඒ කමිටුව විසින් යම් යම් නිර්දේශ ප්‍රමාණයක් ලබා දීලා තියනවා. මේ කමිටුවට කියන්න බෑ මේ කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධව ජාතික ආරක්ෂාවට කොතරම් තර්ජනයක් වෙලා තියනව ද හරි, සෞඛ්‍යයට මොනතරම් තර්ජනයක් වෙලා තියනවද කියලා හරි කොතරම් මූල්‍ය පාඩුවක් වෙලා තියනව ද කියල හරි කියලා. ඒක නිශ්චිතව කියන්න බෑ.

ඒ අය සඳහන් කරනවා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද කමිටුව විසින් ලබා දෙනු ලැබූ නිර්දේශ මත මීට කලින් අවස්ථා 14කදි කන්ටේනර් දහසකට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරලා තියනවා කියලා.

ඒ අනුව මේ කමිටුව නිර්දේශ කරලා තියෙන්නේ මෙවැනි ආකාරයෙන් ජාතික ආරක්ෂාවට හෝ රජයට මූල්‍යමය පාඩුවක් සිදුවුනා ද යන්න පිළිබඳව යම් විගණනයක් කළ යුතුයි කියලා. ඒ වගේම ඉදිරියේ දි මෙවැනි ක්‍රියා වළක්වා ගන්නත් නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා ඒ අය කියලා තියනවා.

අනෙක් පැත්තෙන් මෙයට යම් කිසි නිලධාරියෙක් ජාතික ආරක්ෂාවට හෝ රජයට මූල්‍යමය පාඩුවක් සිදුකර තිබෙනවා නම් විගණනයකින් හෝ වෝහාරික විගණනයකින් මේ අයට දඬුවම් කළ යුතුයි කියලා තමයි මේ කමිටුව විසින් කියලා තියෙන්නේ.

මේ කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් ගත හැකි ක්‍රියාමාර්ග ගැන අපි සොයා බලමින් ඉන්නවා. බහාලුම් තදබදයක් ඇතිවුනාම ගත හැකි ක්‍රිියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් අපේ රටේ ක්‍රමවේදයක් තිබුණෙ නෑ. ඒකට විකල්ප මොනව ද?. කියන එකයි අපි සොයා බලන්නේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සහතික මිලක් ප්‍රකාශ කරමින් රජය හෙට සිට වී මිලදී ගැනීමට සැරසෙයි !

Next Post

කාන්තාවක ඝාතනය කර ඇයගේ දෙහැවිරිදි දැරිය මහමග දමාගිය අපරාධකරුවෙකුට  හම්බන්තොට මහාධිකරණයෙන් මරණ දඩුවම.

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.