සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදිවියේ මිනිසුන් සතුටු කරන්න කළ ඉල්ලීම් දරාගන්න බැරිව තරගයෙන් ඉවත් වුනා… එංගන්ත රූ රැජන ලෝක රූ රැජන තරගයට බෝම්බ ගසයි…

by editor
මැයි 25, 2025
in පුවත්
Milla-Magee
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල-

ඉන්දියාවේ තෙලන්ගානා හි මේ වනවිට පැවැත්වෙමින් ඇති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් එංගලන්තයේ සුරූපිනිය වූ මිල්ලා මැගී එක්වරම ඉවත් වූවාය.

මැයි 7 වන දින හයිද්‍රාබාද් වෙත පැමිණි 24 හැවිරිදි මැගී , ලෝක රෑ රැජන තරඟයට අත්හැ මැයි 16 වන දින එක්සත් රාජධානියට ආපසු පැමිණියාය.

මැගී තරගයෙන් ඉවත් වූයේ එක්වරමය. ඇය කීවේ ඇයගේ පුද්ගලික හේතුවක් මත මේ තරගයෙන් ඉවත්වන බවය.

මැගී ඉවත්වීමෙන් පසු, මිස් එංගලන්ත අනුශූරිය වූ චාලට් ග්‍රාන්ට් තරඟයේ ස්ථානය ලබා ගැනීම සඳහා හයිද්‍රාබාද් වෙත පැමිණියාය. මිස් වර්ල්ඩ් සංවිධායකවරුන් කීවේ තරඟයේ එංගලන්තය නියෝජනය කිරීම දිගටම සිදුවන බවය. මිස්

ඉවත්වී ගොස් සතියක් ඉක්ම යන තැන ඇය රූ රැජන තරගයට බෝම්බ ප්‍රහාරයක් එල්ලකලාක් බඳු ප්‍රහාරයක් එල්ල කරමින් එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් වූ “සන්” සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවාය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඇය ප්‍රකාශ කළේ තෙලගානාහි පැවැත්වෙන 72වැනි ලෝක රෑ රැජන තරගය යල් පැනගිය තරගයක් බවය. එහි සංවිධාකයකවරුන් තරගකාරියන් සූරා කෑමට ලක් කළ බව මැගී කීවාය. ඇය කීවේ එම සංවිධායකවරුන් තරගකාරියන්  හැඟීම් හෝ අයිතිවාසිකම් රහිත සෙල්ලම් බඩු බඳු මෙවලම් ලෙස සලකන වෛෂයික තත්ත්වයකට පත් කළ බවය. මේ තත්ත්වයට මුහුණ දිය නොහැකිව ඇය තරගයෙන් ඉවත් වූ බව එංගලන්ත රූ රැජන සන් පුවත්පතට කීවාය. ඇය එල්ල කළ චෝදනාව බරපතල එකක් විය.

“මම වෙනසක් කිරීමට එහි ගියා,” මැගී පැවසුවාය. “කවදාවත් ඒ තත්වයට පත්වනු ඇතැයි මම අපේක්ෂා කළේ නැහැ. අපි එහි සිටියේ මේ අය සතුටු කිරීමට සහ යමෙක් විසින් නටවන වඳුරන් වීමටයි.”

“තරඟකාරියන්ට සෑම විටම වේශ නිරූපණ කරගෙන ගවුම් පැළඳීමට සිද්ධ වුනා. උදෑසන ආහාරය පවා ඒ ආකාරයට යන්න උපදෙස් දී තිබුණෙ.

Milla-Magee
මිල්ලා මැගී 2025 මැයි 14 වන දින තෙලන්ගානාවේ රාමප්පා කෝවිලට 2025 ලෝක රූ රැජිනගේ සංචාරය අතරතුර,

එක් සිදුවීමකින් පසු සංවිධාකයෙක් උත්සවයකදී “කම්මැලි” වීම ගැන මැගීට සහ ඇගේ සම වයසේ මිතුරියන්ට බැණ වැදුණු බවත් ඇය ප්‍රකාශ කළාය.

තරඟකරුවන් යුගල හය දෙනෙකු පිරිමින්ගේ මේසවලට යොමු කළ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඇය ඇගේ සීමාව ඉක්මවා ගිය බව ඇය පැවසුවාය. ලෝක රූ රැජන තරගයට ඔවුන්ගේ මූල්‍ය දායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස ලෙස සවස් වරුවේ විනෝදවීම සඳහා තමන් ඇතුළු පිරිසට ඇරයුම් කළ බව මැගී ප්‍රකාශ කර තිබුණේ දැඩි ආවේගයෙනි.

“මේක හරිම වැරදියි. මම මෙහෙට ආවේ මිනිස්සුන්ට විනෝදාස්වාදය සපයන්න නෙවෙයි ඔවුන් මට මාව ගණිකාවක් වගේ හැඟීමක් ඇති කළා.” ඇය කීවාය.

“එක් අවස්ථාවක මම මගේ හැසිරීමට හේතු ගැන කතා කරන්න උත්සාහ කළා. නමුත් මේසයේ සිටි පිරිමින් ඒ කතාවට උනන්දුවක් නොදැක්වූ බව පැහැදිලි වුනා. එහි ප්‍රතිඵලය ලෙස මට අපහසුතාවයක් දැනුණු අමුතු කුඩා කතා අහන්න වුනා.”

ජීවිතාරක්ෂකයෙකු, සර්ෆර්වරියක් සහ එංගලන්තයේ ප්‍රධාන ලෝක රූ රැජින අපේක්ෂකවරියවන මැගී පැවසුවේ ඇය ලෝක රූ රැජන තරගයට එක් වූයේ “අරමුණක් සහිත අලංකාරය” මූර්තිමත් කිරීමට බවත් එය එංගලන්ත රූ රැජන ලෙස ඇයගේ ඇයගේ කැපවීම වූ බවත් ඇය අවධාරණය කළාය.

ඇය ජීවිතාරක්ෂිකාවක ලෙස CPR (හදිසියේ අකර්මණ්‍යවන හෘද පෙනහළු නැවත පණ ගැන්වීමේ ප්‍රථමාධාර) දැනුවත් කිරීමේ ව්‍යාපාරය ඉස්මතු කිරීමට ඇගේ වේදිකාව භාවිතා කළාය. තරුණ කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාභාවික සුන්දරත්වය වැළඳ ගැනීමට බල කිරීම සඳහා කෘතිම ආලෙපන තවරා හැඩ ගැන්වීම් නොකර තරඟවලට සහභාගී වී ඇත. නමුත් මිස් වර්ල්ඩ් හිදී, ඇයට මුලුමනින්ම කෘත්‍රිම බවක් දැනුණු අතර ඊට අනුකූල වීමට නොහැකි සේ ඇයගේ අභ්‍යන්තරය බලපෑම් කළ බව ඇය කීවාය.

“සදාචාරාත්මකව, මට එහි කොටසක් විය නොහැකියි.,” මැගී ටැබ්ලොයිඩ් පුවත්පතට පැවසුවාය.

මෙම වර්ධනයට ප්‍රතිචාර දක්වමින්, ලෝක රූ රැජින සංවිධානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජූලියා මෝර්ලි නිවේදනයක් නිකුත් කළාය. ඇය කීවේ මෙවැන්නකි.

“මේ මස මුලදී, මිලා මැගී ඇගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වූ පවුලේ හදිසි අවස්ථාවක් හේතුවෙන් තරඟයෙන් ඉවත් වන්නට ඉල්ලා සිටියා. අපි මිලාගේ තත්වයට අනුකම්පාවෙන් ප්‍රතිචාර දැක්වූවා පමණක නොවෙයි… ඇය සහ ඇගේ පවුලේ අයගේ යහපැවැත්මට මුල් තැන දෙමින් ඇයව එංගලන්තයට නැවත ඇරලවීමට වහාම කටයුතු කළා. ”

‘අවාසනාවකට මෙන්, ඉන්දියාවේ ඇයගේ අත්දැකීම් සම්බන්ධයෙන් මිලා මැගී විසින් කරන ලදැයි කියන ව්‍යාජ සහ අපහාසාත්මක ප්‍රකාශ ඇතැම් එක්සත් රාජධානියේ මාධ්‍ය ආයතන ප්‍රකාශයට පත් කර ඇති බව අපගේ අවධානයට ලක්වුනා. මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. එය ඇය අප සමඟ ගත කළ කාලය පිළිබඳ යථාර්ථයට ගැලපෙන්නේ නෑ,” ප්‍රකාශයේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරි පැය 24 තුළ ධාරාණිපාත වරුසාවක්…

Next Post

හල්ලොලුවට වෙඩි තැබීම – සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත් අඩංගුවට… 29 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.