ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර ඇති වාර්ෂික ගිවිසුම් කොන්දේසිවලට විරෝධය ප්‍රකාශ කරමින් දැනට එම විරෝධතා ව්‍යාපාරයේ මූලිකව සිටින හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඈන්ජලෝ මැතිව්ස් සියලුම ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු තනි තනිව ගිවිසුම්වලට අත්සන් නොතබන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ලෙසත් එසේ වුවහොත් සාමූහික ප්රයත්නය අසාර්ථක වන්නේ යැයි ද මැතිව්ස් ප්‍රකාශ කර ඇත.
වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම පිළිබඳව මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය දැනුවත් කරමින් මැතිව්ස් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වාදී ඇති නව ආචාරධර්ම පද්ධතියේ ඇතැම් කරුණු ද ක්‍රීඩකයන්ට අවාසිදායක බවත් ඒ පිළිබඳව ද තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් මැතිව්ස් සෙසු ක්‍රීඩකයන්ව දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ කොන්ත්‍රාත් ගිවිසුම සහ නව ආචාරධර්ම පද්ධතියෙහි වෙනස්කම් රැසක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති බවය.
එහෙත් ඈන්ජලෝ මැතිවුස් පවසා ඇත්තේ මේ දක්වා ලිඛිතව ඒ කිසිම එකඟතාවයක් ප්‍රකාශ වී නැති බවය.