එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (11) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ මෙම ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම විසින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බවය.
පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙමින් මෙම පළාත් පාලන මැතිවරණය පවත්වන බැවින් පළාත් පාලන ආයතනවල සම්පත් සංවර්ධන ව්‍යාපෘති සේම සුබ සාධන වැඩසටහන් මැතිවරණයේ දී අපේක්ෂකයින් ප්‍රවර්ධනයට භාවිතයට ගන්න ඉඩකඩ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුකරන්නට අද තමන් බලාපරෛාත්තුවන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කර ඇත.







