සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ කල් දමන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයින්ට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන්න… ජාතික භික්ෂු පෙරමුණ මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති…

by editor
මාර්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යසනයට ලක්කර ජන මතය මැඩ  මැතිවරණ කල් දැමීම සඳහා  ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා අශීලාචාර  උත්සාහයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කොට ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස  ජාතික භික්ෂු පෙරමුණ ලෙස එම පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත, සභාපති පූජ්‍ය හදුගල රතනපාල හිමිවරු ප්‍රමුඛ භික්ෂු පෙරමුණේ නියෝජිත භික්ෂූන් වහන්සේ පිරිසක් අද (02) දින ත්‍රෛනිකායකි මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේලා අද මහනුවරට වැඩම කර මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු මුණ ගැසී මේ ඉල්ලීම සහිත සංදේශය භාර දී තිබුණහ.

උක්ත සංදේශ භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ප්‍රකාශ කළේ  මේ පාලකයින් ගමන් කරන්නේ වියරු ඒකාධිපති ගමනක බවය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තිබුණේ මීට වසරකට පෙර දි බව පෙන්වා දුන් උන්වහන්සේ ජනතා කැමැත්ත අහිමි පාලක පන්තිය රාජ්‍ය බලය යොදමින් ජනතා සතු ඡන්ද බලය උදුරා ගන්නවා සේම ඊට එරෙහිවන ජනතාව ඝාතනය කරමින්  සිටින බව ද   වැඩිදුරටත් කීහ.

මෙම තත්ත්වය අවසන් කිරීම සඳහා මහා නායක හිමිපාණන්වහන්සේලා මූලික වී ත්‍රෛනිකායික  කාරක මහා සංඝ සභා රැස් කරවා  දූෂිත පාලකයන් සම්බන්ධව නිශ්ඡිත  තීන්දුවක් ගන්නා ලෙස මෙන්ම, පළාත් හා ප්‍රාදේශීය නායක හිමිපාණන් වහන්සේලා හා ශාසනික වගකීම් දරන සෙසු මහා සංඝරත්නය හා එක්ව සඟ සමුළුවක් කැඳවන ලෙසද ජාතික භික්ෂු පෙරමුණ ඉල්ලූ බව උන්වහන්සේ පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම   එසේ සඟ සමුළුවක් රැස්කොට මහජන හිතෛෂි තීරණයක් ලෙස දැනට දින නියමයක් අහෝසි වී ඇති පළාත් පාලන මැතිවරණය හැකි ආසන්නතම දිනයක පවත්වන ලෙස අදාළ බලධාරීන් වෙත සංඝ ආඥාවක් නිකුත් කරන ලෙස  ද මහා නායක හිමිවරුන්ගෙන් ලිඛිතව ඉල්ලූ බවත් උන්වහන්සේ පැවසූහ.

යම් හෙයකින් එය නොසලකා හරින පාලකයින් හා බලධාරීන් වෙත්නම් ඔවුන් සම්බන්ධ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව වෙත කරුණු දක්වන ලෙස ද ජාතික භික්ෂු පෙරමුණ මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම සම්බන්ධව මහා නායක හිමිවරුන්ගේ යහපත් ප්‍රතිචාර තිබුණු බවද වකමුල්ලේ උදිත හිමියෝ කීහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියලේ අගය ඩොලරයට සාපෙක්ෂව නැග්ගේ කෙහොමද ?…

Next Post

“සුදු වෑන් “මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කළේ ජීවිතයේ දී අත්විඳින්නට සිදුවූ සත්‍ය සිදුවීම්! මාධ්‍ය හමුවට එක් වූ පුද්ගලයෙක් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.