මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දක්වා ඇති සෙඛ්‍යය විධි නියමයන් සහිත මගපෙන්වීම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස තමන් ඉල්ලා සිටිය බව මැතිවරණ කොමසාරිස්වරයා අද (08) පැවසීය.
එසේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ විට ඒ නියාමනයන් මැතිවරණ නීතියටතේ ඇති විධානයන්ට ඇතුළත් කළ හැකි බව ඔහු කියා සිටියේය. එවිට වඩාත් විධිමත් ලෙස මැතිවරණය මේ විශේෂිත තත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පැවසීය.
ඒ සමගම ඔහු ප්‍රකාශ කළේ හෙට (09) මනාප අංක සහිත විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන බවය.