මේ දිනවල ලෝකය පුරා ජනප්‍රියත්වයක් ලබා ඇති ‘මැණිකේ මගේ හිතේ ගීතය..’ තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පාඩමක් දැන ගත බව සමගි ජන බලවේගයේ සංවිධායකයකු වන නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.
මෙම ගීතය මුල් වරට වෙනත් ගායකයෙකු විසින් ගායනා කරන ලද්දක් වුවත් ජනප්‍රියත්වයට පත් ගායිකාව ඉතා දක්ෂ ලෙස එතුළින් ජනප්‍රියත්වය ලෝකය පුරා අත්කර ගැනීමට සමත් වූවා සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ද මෙරට ජනතාව විද්වතුන් ආගමික නායකයන් සහ දේශපාලකයන් දෙන උපදෙස් පිළිපැද සාර්ථක ලෙස කොවිඩ් මර්දනය කර එම කීර්තිය ඔහුට ලබා ගත හැකි බව පෙන්වා දෙයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ නිරෝෂන් පාදුක්ක මහතා මේ තුළින් ජනාධිපතිවරයාට ගත හැකි තවත් උදාහරණ ඇත මතු කළේය.
ඔහු සඳහන් කළේ මෙරට ජනතාවට ජනතාව යුද්ධය ත්‍රස්තවාදය නිමා කිරීමේ ගෞරවය ලබා දුන්නේ රාජපක්ෂවරුන්ට.
නමුත් එම යුද්ධ භූමිකාවේ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශාල කාර්යභාරයක් කළ නමුත් එහි සමස්ත කීර්තිය අත් වූයේ රාජපක්ෂවරුන්ට ය. මෙයද ජනාධිපතිවරයාට උදාහරණයකට ගත හැකි හොඳ ආදර්ශයක් බව ද හෙතෙම අවධාරණය කළේය.