දිනසේන රතුගමගේ –
යාපනය ගුරුනගර් තිරුවේලෙයි සෞඛ්‍ය මධ්‍යස්ථානය අසලදී එල්ල වූ කඩු ප්‍රහාරයකින් ඊයේ ( 23 ) දා තරුණයෙකු මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක පී.ග්‍රේන් නැමති තරුණයෙකු වන අතර ඔහු යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය තරුණයා සෞඛ්‍ය මධ්‍යස්ථානයට යමින් සිටියදී යතුරු පැදි වලින් පැමිණි තරුණයින් හතර දෙනෙකු ඔහුට කඩුවකින් පහර දී තිබේ.
පසුව ඔවුන් තරුණයාව අතහැර යතුරු පැදියේ නැගී පලා ගොස් ඇති අතර තුවාලකරු යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා යාපනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.