සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාර වැඩේ තමයි උනේ… අපිට වෙච්චි දේ ඉන්දියාවටත් වෙයි! ලකුණු 77කින් දකුණු අප්‍රිකාවට පරදියි…

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අමතක නොවන පෙරළියක් අද (22)  ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ     සත්කාරක ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේ දී ඉන්දියාව පරදා ලකුණු 77ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායම තමන්ගේම මව්බිමේදී ලකුණු 111ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමිනි.  දකුණු අප්‍රිකාව ලබාගත් මෙම ජයග්‍රහණය මෙවර තරගාවලියේ කැපී පෙනෙන පෙරළියක් ලෙස මේ වනවිට සටහන් වී ඇත.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි. දෙවැනි පන්දු ඕවරයේ දිම ක්වින්ටන් ඩි කොක් දැවී යන්නේ බුම්රාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි. ඔහු දැවී යන්නේ ලකුණු 06කට ය.ලකුණු 12ක් වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ලද බිඳ වැටුනේය.  තුන්වැනි ඕවරයේ හතරවන පන්දුවෙන් නායක ඒඩ්න් මාර්ක්‍රම් දැවී යන්නේ ලකුණු 04කටය. තුන්වැනි කඩුල්ල ලෙස රයන් රිකෙල්ටන් ලකුණු 07කට දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 20කි.   ඉන්දියානු ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූයේ පහසු ජයග්‍රහණයකි. තරගයක් නැති තරගයකි.

එහෙත් දකුණු අප්‍රිකානු මැද පෙළ තනිකරම තරගය කණපිට පෙරලූහ. මේ ක්‍රිකට් අපටනම් මලාකට හිතන්න බැරි ක්‍රිකට්ය. දේවාල්ඩ් බ්‍රෙවිස් සහ ඩේවිඩ් මිලර් අතර සිවුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක විශිෂ්ට සම්බන්ධතාවයක් ඉන් අනතුරුව ගොඩනැගිනි. බ්‍රෙවිස් පන්දු 29ක දී ලකුණු 45ක් ලැබුවේය. ඩේවිඩ් මිලර් පන්දු 35ක දී ලකුණු 63කි. ට්‍රිස්ටන් ස්ටබ් පන්දු 24ක දී නොදැවී ලකුණු 44කි.  අවසානයේ දී දකුණු අප්‍රිකානු පිල ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 187ක් ලබාගෙන තිබිණි. එය කිසිසේම ඉන්දියාව අපේක්ෂා නොකළ දැවැන්ත ඉලක්කයකි.  දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුළු 07ක් බිඳවැටී තිබිණි. ජස්පිට් බුම්රා මේ තරගයේදීත් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 04 තුළ ලකුණු 15ට කඩුළු 03කි. අර්ෂදීප් සිං ලකුණු 28ට කඩුළු 02කි. වරුන් චක්‍රවර්තී සහ ශිවම් ඩුබේ කඩුල්ල බැගින් ලැබූහ. ඒ දැවැන්ත ප්‍රහාරයකට ද ලක් වෙමිනි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

 ඉන්දීය පිතිකරණයේ අන්ත අසරණ වීම

ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් හමුවේ කිසිදු සාර්ථකත්වයක් අත් කරගත නොහැකි විය. මුල් පෙළ බිඳවැටුනේ පෙරහර යනවා සේය. ආරම්භක පිතිකරු ඉෂාන් ක්‍රිෂාන් ලකුණු නොලබා දැවී ගියේය. අභිෂේක් ෂර්මා ලකුණු 15කි. තිලක් වර්මා එක් ලකුණකි. නායක සූර්ය කුමාර් යාදේව්  ලකුණු 18කි. වොෂින්ටර් සුන්දර් ලකුණු 11කි.

හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 18ක්, ලැබුවේය. රින්කු සිං, වරුන් චක්‍රවර්තී, ජස්පිට් බුම්රා ලකුණු ලැබුවේ නැත. අර්ෂදීප් සිං එක් ලකුණකි.

ඉන්දියාව වෙනුවෙන් පිතිකරණයේ දී සාර්ථක වූ එකම පිතිකරු ෂිවම් ඩුබේ ය. ඔහු ලකුණු 42ක් ලැබුවේය. ඉන්දියානු ක්‍රීඩකයෝ ඕවර 18.5 ක් තුළ සියලු දෙනා ලකුණු 111කට දැවී ගියහ.

වමත් වේග පන්දු යවන මාර්කෝ ජෙන්සන් ඉන්දීය ඉනිම කුඩු කළේය. ඔහු පන්දු ඕවර 4ට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ඉන්දිය කඩුළු 04ක් ලකුණු 22කට දවා ගත්තේය. කේෂේව් මහරාජ් ලකුණු 24ට කඩුළු 03ක්, කොර්බින් බොෂ් ලකුණු 12ට කඩුළු 2ක් සහ ඒඩ්න් මැරකරම් කඩුල්ලක් දවා ගත්තේය.

 මව්බිමේදී අසරණ වූ අසල්වැසියෝ:

සත්කාරක ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අද එක මිටට කෑවේය.  ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී තමන්ට හුරුපුරුදු තණතිලි මත අන්ත අසරණ ලෙස පරාජයට පත්වූවා සේම, ඉන්දියාව ද තමන්ගේම රටේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේ තමන්ගේ හුරු පුරුදු ක්‍රීඩාංගනයේ දී  ලකුණු 111ක් වැනි සොච්චම් ලකුණු සංඛ්‍යාවකට සීමා වෙමින් කුල්ල කුජීත වෙන්න ලකුණු 77කින් පැරදුනේය.  ශ්‍රී ලංකාවේ මැච් බලන අපට දැන් හිත හදාගන්නට කාරණාවක් තිබේ. ඒකට ඉන්දියාවට ස්තුති ය.

Share69Tweet43
Previous Post

කවුද ඩෝ අපේ සිංහ පැටවුන්ට කඩප්පුලි කතා කියන එකා…

Next Post

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 16 හැවිරිදි තරුණයෙකු අතින් 75 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය වෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.