සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරු කළත් පාසලෙන් නොගොස්  අධ්‍යාපන  බලධාරීන්ගෙන් ගේම ඉල්ලන මහනුවර උසස් බාලිකාවේ විදුහල්පතිනිය පාසල තුළ මහ අවුලක් හදයි…

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • හිතුවක්කාර විදුහල්පතිනිය  හෙට පැවැත්වීමට හැදු පාසලේ  ත්‍යාග ප්‍රධානෝත්සවයත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියමෙන් නවතී…

විදුහල්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් මහනුවර උසස් බාලිකා විදුහලේ හෙට (03) පැවැත්වීමට නියමිතව තිබූ ත්‍යාග ප්‍රදානෝත්සවය නොපැවැත්වීමට මධ්‍ය කළමනාකරණ කමිටුව තීරණය කර ඇත.

මෙම තීරණය අද (02) පස්වරුවේ ගෙන තිබෙන අතර වට්ස් ඇප් ඔස්සේ සිසුන්ට හා දෙමව්පියන්ට දැනුම් දී ඇත්තේ පස්වරු 5.00 ට පමණය.

අදාළ පණිවිඩය ලැබෙන විටත් පාසලේ අධ්‍යාපන ලබන දරුවන්ගේ  පිට පළාත් වල පදිංචි දෙමව්පියන් රැසක්  ත්‍යාග ප්‍රධානෝත්සවට සහභාගි වීම සඳහා නිවෙස් වලින් පිටත්ව සිට ඇති බව දැන ගන්නට ඇත.

ගැටලුවට හේතුව –

උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනිය හා ගුරු මණ්ඩලයේ බහුතරය අතර මත ගැටුමක් ඇතිවීම මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් සිදු කරනු ලැබීය.

විදුහල්පතිනියට එරෙහිව මානව හිමිකම් කොමිසමේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයට පැමිණිලි 08 ක් කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

විදුහල්පතිනියට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස  පත්වීමක් ලබා දෙමින් ඇයට ස්ථාන මාරුවක් ලබාදුන් නමුත් විදුහල්පතිනිය දිගටම තනතුරේ රැඳී සිටීමෙන් අර්බුදයක්  මතුවී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජනවාරි මස 08 වැනි දින ලිඛිතව අදාළ ස්ථාන මාරුව පිළිබඳව විදුහල්පතිනිය දැනුවත් කර තිබේ. අනතුරුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් ද පසුගිය 14 වැනි දින ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

ස්ථාන මාරුවක් ලබාදී තිබියදී විදුහල්පතිනිය විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (03) පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරු පිරිසක් විරෝධය දක්වා අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇත.

සියලු කරුණු සැලකිල්ලට ගෙන වාහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (03) නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසලේ මාධ්‍ය කළමනාකරණ කමිටුවට දැනුම් දී ඇත්තේ මෙම පසුබිම තුළය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එංගලන්තයට එරෙහි තුන්වැනි විස්සයි 20 තරගයට එෂාන් මාලිංග නෑ…!

Next Post

කථානායකට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් වැඩ තහනම් කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.