බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කථානායකට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් වැඩ තහනම් කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Seeks protection under Anti-Corruption Act over alleged misuse of public resources

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Jagath-Chaminda

Jagath-Chaminda

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් වාර්තා කරමින්, වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව බරපතළ දූෂණ සහ වංචා චෝදනා සහිත පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න යනු මෑතක දී වැඩ තහනම් වූ ප්‍රකට පාර්ලිමේන්තු  නිලධාරියා ය.  ඔහු විසින් ඉදිරිපත් කරන පිටු කීපයකින් යුත් දීර්ඝ පැමිණිල්ලේ   2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත උල්ලංඝනය කරමින් කථානායකවරයා සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා රැසක්   සවිස්තරාත්මකව දක්වා තිබේ.

  • වාහන සහ ඉන්ධන අවභාවිතය

පැමිණිල්ලේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර ඇත්තේ කථානායකවරයාට හිමි වාහන සහ ඉන්ධන වරප්‍රසාද ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධවයි.

චක්‍රලේඛ අනුව හිමිවන්නේ නිල වාහන දෙකක් වුවද, තවත් කථානායකවරයා  වෑන් රථයක් (WP NC 4923) පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම ගැන හිටපු නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයා චෝදනා කරයි.

එමෙන්ම කථානායක ධූරයට අදාළ ඉන්ධන ලීටර් 900ට අමතරව, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස තවත් ඉන්ධන ලීටර් 568ක් ලබා ගැනීම හරහා රුපියල් ලක්ෂ 20ක පමණ රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධව ද ඔහු කථානායකවරයාට චෝදනා එල්ල කර තිබේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

  • නිල නිවාස සහ දේපළ පරිහරණය

කථානායකවරයාට රජමල්වත්තේ නිල නිවස හිමිව තිබියදී, ලොරිස් පටුමග පිහිටි තවත් රජයේ නිල නිවාසයක්  වෙන් කරවා ගෙන නීති විරෝධී ලෙස පරිහරණය කරන බවට චමින්ද කුලරත්න කථානායකවරයාට  චෝදනා කරයි.

මීට අමතරව, පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශයට අයත් කැමරා උපකරණ තම පෞද්ගලික මාධ්‍ය කටයුතු සඳහා යොදා ගැනීම ද දූෂණ ක්‍රියාවක් ලෙස එහි දක්වා ඇත.

  • දිවා ආහාර සහ පෞද්ගලික ලේකම්ගේ භූමිකාව

මෙම පැමිණිල්ලේ සඳහන් තවත් විශේෂ කරුණක් වන්නේ කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් නියමිත ගාස්තු නොගෙවා පාර්ලිමේන්තුවෙන් දිවා ආහාර ලබා ගැනීමයි.  සමාජයේ ද යම් කථිකාවකට ලක් වුන මේ සිද්ධිය සම්බන්ධව චමින්ද කුලරත්න අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම

“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දිවා ආහාර ලබා ගැනීමේ පහසුව සලසා ඇත්තේ පාර්ලිමේන්තුවේ දෙවන මහලේ පිහිටි ගරු කථානායකවරයාට වෙන් කර ඇති දිවා ආහාර ගන්නා කාමරය තුළ වේ. වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2024.12.17 දින එකී තනතුරට පත්වීමෙන් අනතුරුව එතැන් සිට මේ දක්වා දිනපතා දිවා ආහාර ලබාගනු ලබනුයේ එකී කාමරය තුළ වේ.

ෙකථානායකවරයා වෙත ආහාරය සැපයීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් ඔහුගේ වැටුපෙන් එක අයෙකුට දිවා ආහාර ලබාදීම වෙනුවෙන් අයකරගනු ලබන නිශ්චිත මුදලක් අයකරගනු ලබයි. නමුත් ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ද ඔහු සමඟ කථානායකවරයා දිවා ආහාර ලබා ගන්නා කාමරයෙන් දිවා ආහාර ලබා ගනු ලැබේ.‍

එසේ කථානායකවරයාගේ අමුත්තෙක් වශයෙන් ඔහුගේ දිවා ආහාර ලබා ගන්නා කාමරයේදී දිවා ආහාර ලබා ගන්නා අයෙකු වෙනුවෙන් එක් දිවා ආහාර වේලක් සඳහා රු.900/-ක මුදල් අයකර ගනු ලැබිය යුතු වුවත් ඒ වෙනුවෙන් චමීර ගාල්ලගේ මහතාගේ වැටුපෙන් අයකරනු ලබනුයේ රු.150/-ක මුදලක් පමණි. (මුලදී එක් දිවා ආහාර වේලකට රු75/-ක මුදලක් බැගින් මසකට රු.1500/-ක් වශයෙන් හා පසුව 2025 ජූලි මාසයේ සිට රු.150/-ක මුදලක් බැගින් රු.3000/-ක් වශයෙනි.)

එකී මුදලට අමතරව මා දන්නා තරමින් කථානායකවරයාගේ වැටුපෙන් කිසිඳු අඩු කර ගැනීමක් සිදු නොකෙරේ.

මෙසේ කථානායකතුමාගේ ආහාර ලබා ගන්නා කාමරයේදී පෞද්ගලික ලේකම්වරයා ද එතුමා සමඟ ආහාර අනුභව කරන්නේ නම් ඒ සඳහා කථානායකවරයා විසින් අමුත්තෙකුට ආහාර ලබාදීම වෙනුවෙන් වැය වන මුදල ගෙවිය යුතු බව 2025 වසර මුල ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානී රැස්වීමකදී අදාළ නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී. එහිදී කථානායකතුමා විසින් ප්‍රකාශ කරන ලද්දේ මින් ඉදිරියට එසේ සිදු නොවන බවයි. නමුත් එතැන් සිට මේ දක්වාම ද ඒ ආකාරයෙන්ම දෙදෙනා එකම කාමරයේදී දිවා ආහාර ලබා ගැනීම සිදුකරනු ලබයි.

මේ අනුව, වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හා ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන අය විසින් නියමිත මුදල නොගෙවා අමතර දිවා ආහාර පහසුකම ලබා ගැනීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකරනු ලබන බව ඔබගේ අවධානයට යොමු කරමි.” එම පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

  • පලිගැනීම් සහ අනීතික විමර්ශන

තමාට එරෙහිව ද්වේශ සහගතව ක්‍රියා කරමින්, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් විශ්‍රාමික නිලධාරියෙකු මාර්ගයෙන් විමර්ශනයක් පවත්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ හතර දහසකට අධික මුදලක් අදාළ නිලධාරියාට ගෙවීම හරහා කථානායකවරයා මහජන මුදල් නාස්ති කර ඇති බව හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

  • තොරතුරු වසන් කිරීම සහ පරිපාලන ඇඟිලි ගැසීම්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සිවිල් ක්‍රියාකාරීන් ඉල්ලා සිටි තොරතුරු ලබා නොදෙන ලෙස නිලධාරීන්ට බලපෑම් කිරීම සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පරිපාලන කටයුතුවලට අනීතික ලෙස අතපෙවීම ද මෙම පැමිණිල්ලේ අඩංගු බරපතළ කරුණු වේ.

මෙම පැමිණිල්ල හරහා චමින්ද කුලරත්න  අවධාරණය කරන්නේ වත්මන් කථානායකවරයා සිය ධූරයේ වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරමින් රජයට සෘජු මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බවය.

මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත ද යොමු කර ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරු කළත් පාසලෙන් නොගොස්  අධ්‍යාපන  බලධාරීන්ගෙන් ගේම ඉල්ලන මහනුවර උසස් බාලිකාවේ විදුහල්පතිනිය පාසල තුළ මහ අවුලක් හදයි…

Next Post

ඉන්දීය වෙරළාරක්ෂකයින් ශ්‍රී ලංකා ධීවරයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව රජයේ දැඩි විරෝධය !

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.