කොල්ලුපිටිය ගාලුපාරේ ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනය ආසන්නයේ දී පසුගිය සෙනසුරාදා (10) මර්සි=ඩීස් බෙන්ස් රියක් පදවමින් මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය 26 හැවිරිදි තරුණයා යළි ශ්‍රි ලංකාවට ඊයේ රාත්‍රි පැමිනි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයා ඊයේ රාත්‍රී 09.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK – 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව පොලිස් මාද්‍ය පුකාශක කාර්යාලය පවසයි.
එම අවස්ථාවේ පැමිණීමේ පර්යන්තයේ රාජකාරීවල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු හදුනා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ දැනුවත් කිරීම මත කොළඹ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණ ඔහු කොල්ලුපිටිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.







