මනම්පිටිය නිමල් ජයරත්න –
ජීවිත 06ක් බිලිගෙන මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ කොටස් අද (10) සවස 4.00ට පමණ නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ගොඩ ගනු ලැබුවේය.්
මාදුරුඔය විශේෂ බලකායේ 09 වෙනිදා පැවැති විසිර යාමේ පෙළපාළියට නිදර්ශනාත්මක පුහුණුවට සහභාගි වෙමින් සිටියදී ජලාශයට කඩා වැටී මෙම බිහිසුණු ගුවන් අනතුරින් මිය ගියේ විශේෂ බලකා සෙබළුන් සිව්දෙනකු සහ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකි.
අනතුරින් තුවාල ලැබූ හමුදා පුද්ගලයින් හයදෙනකු තුවාල ලබා තවමත් පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
ජලාශයට කඩා වැටුණු හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ හත්වැනි බල ගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් ගුවන් යානය අනතුරට පත්වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී.
විශේෂ බලකායේ විසිර යාම පෙළපාළියේ සෙබලුන් එකසියතිස් දෙනෙකු විසිර යාමට නියමිතව සිටි අතර හෙලිකොප්ටර් ගුවන් යානය අනතුරට පත්වීමත් සමග උත්සවය අතර මග නතර කෙරිණි.








