මාධ්‍යවේදියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශී ශීය ලේකම් කොට්ටාසයට අයත් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පෝලිමේ රැඳී නොසිට උප්පැන්න සහතික ලබා ගැනීමට විවිධ පුද්ගලයින්ට සහය දී ඔවුන්ගෙන් රුපියල් දහසේ සිට තුන්දහස දක්වා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරමින් බාහිර පුද්ගලයින් රෙජිස්ට්‍රාර් කාර්යලය තුළට ඇතුළු කර නොගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
කලකට ඉහත මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර තිබෙන අදාළ පුද්ගලයා පැරණි මාධ්‍ය හැඳුනුම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ජාවාරම් වල නිරත වන බවට තොරතුරු ලැබී තිබෙන බව මහනුවර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
මේ පිළිබඳව එම සංගමයේ නියෝජිතයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ..
මාධ්‍යවේදියෙක් නොවන මෙම පුද්ගලයා පැරණි මාධ්‍ය හැඳුනුම්පත් උපයෝගී කර ගනිමින් ප්‍රභූන් සහභාගි වන උත්සව වලට පවා සහභාගි වන බවත් ඒවාහි තොරතුරු බාහිර පාර්ශව වෙත ලබා දී මුදල් ලබා ගන්නා බවත් මහනුවර ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙවැනි පිරිස් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද මහනුවර ජනමාධ්‍යවේදීන් දිස්ත්‍රික් ලේකම්වරයාට පෙන්වා දී තිබේ.







