මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කුඩා ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එක් කාමරයක් පමණක් සහිත ඒ කුඩා ගොඩනැගිල්ල භාවිතයට නොගෙන සෑහෙන කාලයක් තිස්සේ වසා තබා ඇති බවය.
මෙම ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන අපරාධයක් කිරීම සඳහා ගෙනවිත් සගවා තැබුවේද , එසේත් නොමැති නම් වෙනත් අපරාධයකට සැලසුම් කළේද , යන්න සෙවීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම සිවිලිම තුළ සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත බවට සැක කළ හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක් , මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, ටී.එන්.ටී.යයි සැක කළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක්,ඩෙට් කෝඩ් (සේවා නූල්) දිග සෙන්ටි මීටර් 115 ක් ඇතුළු තොගයක් පොලීසිය විසින් සොයාගෙන ඇත