සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මහ හූරා, අගමැති මහා හුරා දැන්වත් ගෝ“…   අදිවාසීහු දිඹුලාගල කන්ද මුදුනේ විරෝධතාවයක…

ගෝල්ෆේස් එන්න සල්ලි නෑ... ඒ නිසා දිඹුලාගල කන්ද නැග්ගා... දළුකාන ආදිවාසී නායිකා ලිසිනෝනා කියයි!

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • සමස්ත ලක්වාසීන් විඳින දුක් ගැහැට හමුවේ ජනපති-අගමැති හූරලාට  ඉල්ලා අස්වීමට සිත්සතන් පහළ වේවා යන ප්‍රාර්ථනය කරමින් දිඹුලාගල කඳු මුදුනේ ආදිවාසීන්  පූජාවක…

  • ආදිවාසීන් දුක් විඳින ජනතාවගේ අවනඩුව අන්තර්ජාතික ආදිවාසී දිනයේ දී ලෝකයට දැනුම් දීමේ සූදානමක්…

ජනාධිපති, අගමැති, ඇතුළු රජය වහාම ඉල්ලා අස්වී ජනතාවට සහන ලබා දීමට හැකි පිරිසකට රට පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට  බලකරමින් අද ( 27)  උදෑසන දිඹුලාගල දලුකාන ආදිවාසි කාන්තා නායිකාව ඇතුළු පවුල් කිහිපයක් මෙන්ම ඔවුන්ගේ දරුවන් දිඹුලාගල කන්දට නැග ගලේ බණ්ඩාර දෙවියන්ට විශේෂ පූජාවක් කර, කොළ අතු එල්ලා. පඬුරු ගැට ගසා රජයට විරෝධය පළ කළහ.

“මහ හූරා, අගමැති මහා හුරා දැන්වත් ගෝ ,“ “ජනපති හුරා අගමැති හුරා ඉල්ලා අස්වනු,“  “ඉන්ධන සහල් සබන් මිල අඩු කරව්“ ,“ දුප්පත් අපට සහන දියව්“,  දලුකාන ආදිවාසී ලෙස කාඩ්බෝඩ් මත අඟුරු කෑලිවලින් අකුරු ලියා ඔවුන් දිඹුලාගල කන්දට නැග මහ ගල්තලාවක් මත වාඩිවී පැය කීපයක් මෙලෙස විරෝධතාවයක නිරත වූහ.

ඉන්ධන මිල, බඩු මිල වැඩි වීම හමුවේ අනෙකුත් ජනතාව මෙන්ම පොළොන්නරුවේ ආදිවාසි ගම්මාන 8ක ආදිවාසි පවුල් පන්දාහකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවත්, ඉතිහාසයේ කිසිදු රජයක් මෙලෙසින්  බඩු මිල ඉහළ නොදමා ඇති බවත්, වත්මන් අගමැතිවරයාට මෙන්ම ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට නොහැකි නම් ඊට සුදුසු පිරිසකට රට බාරදී ගෙදර යන ලෙසටත් ආදිවාසී ජනතා වෙනුවෙන් ඉල්ලා සිටින බවද දලුකාන  ආදිවාසි නායිකා කේ. ලිසීනෝනා  සඳහන් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනපති-අගමැති හූරලාට  ඉල්ලා අස්වීමට සිත්සතන් පහළ වේවා… ආදිවාසී පූජාව…

ගෝල්ෆේස් වෙත ඒමට නොහැකි වී ඇත්තේ ආර්ථික තත්ත්වය මත බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තම ආදිවාසී ප්‍රජාවට හැකි අයුරින්  දිඹුලාගල කන්දට නැග තම සිරිත් විරිත් අනුව මේ  අයුරින් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් සිදුකළ බවත්, ආදිවාසි ප්‍රජාවට රජයෙන් එල්ල කරන ආර්ථික පීඩනයන් පිළිබඳ  එළැඹෙන අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ආදිවාසී දිනයේ දී ඉදිරිපත් කරන බවත් දලුකාන ආදිවාසී නායීකා කේ. ලිසිනෝනා  මෙහිදී සඳහන් කළාය

පැවැති ආර්ථික අගහිඟකම් හමුවේ තම ආදිවාසි ප්‍රජාව පසුගිය කාලයේ දිඹුලාගල කඳු පාමුල අයිනේ කටුඅල ඇතුළු අනෙකුත් අල වර්ග හාරා ආහාරයට ගත් බවත්, ඒ පිළිබඳ මාධ්‍යවලින් වාර්තා වීමත් සමග තමන්ට පිට පළාත්වලින් පැමිණ ලොකු මහත්වරු උදව් කළ බවත්, වර්තමානයේ පවතින කාලගුණයත් සමඟ අලවර්ග නොමැති බවත් කී ඇය මෙම තත්වය යටතේ බොහෝ ආදිවාසී පවුල් වේලක්         හැර වේලක් කන තත්ත්වයට පත්ව ඇතැයි පැවසුවාය.

දලුකාන ආදිවාසී නායීකා කේ. ලිසීනෝනා   පොළොන්නරුව දිස්ත්‍රික් හින්දු  පූජකවරුන්ගේ සංගමයේ නියෝජිත ප්‍රසන්න සර්මා , සහ තවත් ආදිවාසී පිරිසක් එක්ව සමස්ත ලක්වාසීන් විඳින දුක් ගැහැට   හමුවේ ජනපති-අගමැති හූරා  ඉල්ලා අස්වීමට සිත්සතන් පහළ වේවා යන ප්‍රාර්ථනය කරමින් ආශිර්වාද පූජාවක්ද ඊයේ ( 26 ) වෙනිදා රාත්‍රියේදී  දිඹුලාගල කන්දේ ගලේ බණ්ඩාර දෙවියන් උදෙසා දේව කන්නලව්වක නිරත වූහ.

රජයේ පලවා හැරීමට විවිධ සංවිධාන ගන්නා ඕනෑම තීරණයකට තම ආදිවාසි ප්‍රජාව ඉදිරියේ දී සහභාගි වන බවද විරෝධතාවේ නිරත දලුකාන ආදිවාසි ජනතාව සඳහන් කළහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණේ අරගලය උතුරට ගිය හැටි… වෙල්ලමුල්ලි වයික්කාල්  මළවුන් සැමරීම නිර්පාක්ෂික වෙයි…

Next Post

ලොක් ඩවුන් නිසා හාමතේ සිටින චීන වැසියන්ගේ කට වසන චීන සමාජ ජාල

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.