සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ වැස්ස කළ හදිය… තවදුරටත් වැසි සමග තද සුළං… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

by editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

අධික වර්ෂාවේ බලපෑම මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 60කට බලපා ඇති අතර පෞද්ගල මරණ 6ක් වාර්තා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ පවුල් 249 ක් පුද්ගලයන් 891 පීඩාවට පත්ව ඇති බවත් නිවාස 12 කට පූර්ණ හානි හා නිවාස 635 කට අර්ධ හානි සිදුවී ඇති බවත්ය.

එසේම තවත් පුද්ගලයෙක් 251  දෙනකු ආරක්ෂිත ස්ථාන  9  ක   රඳවා ඇති බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගම්පහ මීරිගම මාර්ගය පස් කණ්ඩියක් කඩා වැටීමෙන් අවහිර වී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, පුවක්පිටිය, පල්ලේගම, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ඇල්ල,  කොළඹ දිස්ත්‍රික්කෙ සීතාවක, පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය, මහනුවර දිස්ත්රික්කයේ ගඟවටකෝරලේ, උඩුනුවර, හාරිස්පත්තුව, යටිනුවර, දොළුව, ගඟ ඉහළ කෝරලේ, පහතහේවාහැට, උඩපළාත, පස්බාගේ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක, බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, රඹුක්කන, රුවන්වැල්ල, දෙහිඕවිට, කලුතර දිස්ත්රික්කයේ හොරණ, ඉංගිරිය, අගලවත්ත, පාලින්දනුවර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලව පිටිය, නාරම්මල, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇලපාත, නිවිතිගල, කුරුවිට, අයගම, රත්නපුර, ඇහැලියගොඩ, කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත, එම ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක්, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක්,  ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 1ක්, කුකුලේගම ජලාශයේ වාන් දොරටු 2ක්,  තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක්, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක්, කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇත. මහවිලච්චිය හාතුරුවිල ජලාශය ද පිටාර ගලයි.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ දිස්ත්‍රික්කය අත්තනගල්ල, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් කිහිපයක්  ජලයෙන් යටවී ඇති අතර සුළු ගංවතුර තත්ත්වයක් ද කළු ගඟේ කලවැල්ලාව මිල්ල කන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ද පවතින බවත්, අධික වැසි සමග ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කලුගඟ මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම මීටර් 7.25ක් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, කලුතර, දොඩංගොඩ, හොරණ, මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම්‍ යටවී ඇත.

මේ අතර කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින පීඩන අවපාතය හේතුවෙන්  තවදුරටත් වැසි සමග තද සුළං හා අකුණු අනතුරු ඇති වන බවයි.

මධ්‍ය කදුකරය, උතුරු මැද, උතුර, සබරගමුව, දකුණ, වයඹ හා බස්නාහිර පළාත්වල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බව ඔවුහූ පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර උපන් ලියෝ කොළඹ දී වැඩ පෙන්වන්න පටන් අරන්…

Next Post

විගණනයෙන් හෙළිවුණු උමා ඔයේ වැලි කෙළියක්… වැලි සැපයුම්කරුට කෝටි 40ක් වැඩිපුර ගෙවලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.