බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ වැස්සෙන්  මහවැලි බී කලාපයේ කුඹුරු අක්කර දස දහසක් විනාශයි!

by editor
ජනවාරි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී   කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල, වැලිකන්ද, රුවන්පිටිය, නාමල්ගම, අසේලපුර ඇතුළු ප්‍රදේශවල   පැලගොයම ගංවතුරට යටවීමේන් කුඹුරු අක්කර දස දහස  පමණ ප්‍රමාණය විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.

මේ වනවිට පහත් බිම්වල ගංවතුර තත්ත්වය බැස ගියද වතුරෙන් යටවී තිබු ගොයම කිසිදු විටෙක යළිත් පැල නොවන බව ගොවීහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත මහවැලි බී කලාපයේ ගොවි පවුල් දෙදෙහස් පන්සියයකට   ආසන්න පිරිසක් දැඩිව අසරණ වී   ඇති අතර එම කුඹුරු යළි මෙම කන්නේ අස්වැද්දීමට කාලයක් නොපවතින බව ද ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.

ඇතැම් කුඹුරුවල පැලගොයම ගංවතුරට යට වී, දින දෙක තුනක් ඇතුලත එම ගංවතුර බැස යෑම හේතුවෙන් එම පැළ ගොයමට කිසිදු හානියක් නොමැති බවත්, දින පහ හයක් කාලයක් තිස්සේ ගංවතුරින් යටව පැවැති  පැළ ගොයම සහ පීදීමට ආසන්නයේ පැවැති ගොයම් විනාශ වී ඇති බවත් මහවැලි බි කලාපයේ ගොවීන් පෙන්වා දෙති.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගංවතුරෙන් හානියට පත් පැලගොයම සඳහා තමන්ට කිසියම් වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතවරු සහ ගොවීහු කියති.

අප මේ පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අරුණ නිරෝෂන්   ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ ගොවි සංවිධාන මට්ටමෙන් ගංවතුරෙන් හානියට පත්   කුඹුරු සඳහා වන්දි මුදලක් ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට උපදෙස් හා පත්‍රිකාවක් ලබා දී ඇති බවය.

ඒ අනුව ලබා ගන්නා තොරතුරු මත අදාළ ගොවීන්ට කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය යටතේ වන්දි මුදලක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද අරුණ නිරෝෂන්  වැඩිදුරටත් කීය.

මේ වන විට මහවැලි බී කලාපයේ මාදුරුඔය කුඩාඔය පිඹුරත්තෑව ඇතුළු වැව් සහ අමුණුත් පිටාර ගැලීම හේතුවෙන් හානියට පත් කුඹුරු බිම් ප්‍රමාණය කොතෙක්ද යන්න මහවැලි කොට්ඨාස කළමනාකාරවරුන් හා ඒකක කළමනාකාරවරුන් හරහා තොරතුරු ලබාගනිමින් සිටින බවත්, වහාම ඔවුනට ද වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ  සකසන බවත් මහවැලි බි කලාපීය නේවාසික කළමනාකාර සුගත් විරසිංහ   අප කළ විමසීමකදී පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පලායෑම ගැන හොයන්න අධිකරණ ඇමතිගෙන් පංච පුද්ගල කමිටුවක්!

Next Post

මහින්ද බැරි බැරි ගානේ වේදිකාවට බඩගාන්නේ ඔබ වෙනුවෙන් නොවෙයි… එයාගෙ පුතා වෙනුවෙන්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.