අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද – ජවිපෙ එක්ව කළ ජනප්‍රිය දේශපාලනය නිසා රට විනාශ වුන ඉතිහාසයක් ගැන කබීර් හෂීම් කියයි!

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව දියවැඩියා රෝගියෙකු ලෙස සිතුවහොත් රාජපක්ෂ ආණ්ඩුව දීර්ඝ කාලයක් තිස්සේ එම දියවැඩියා රෝගියා සතුටු කරන්නට ඔහුට සීනි දී මේ වන විට රෝගියා ඉතාමත් බරපතල තත්ත්වයක සිටින බවත් අතක් පයක් නොකපා බේරාගත නොහැකි බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්   පවසයි. 

අයවැය විවාදයට සම්බන්ධ වෙමින් අදහස් පළ කළ මන්ත්‍රීවරයා පැවසුවේ දශක ගණනාවක් කල් දැමූ ප්‍රතිසංස්කරණ වසර දෙක තුනකින් කිරීමට යෑම නිසා ජනතාවට දුක් විඳින්නට සිදු වෙන බවයි. එහෙත් ජනතාවට වේදනා දෙමින්, ජනතාවගේ අත පය පමණක් නොව කඳ ද කපා දමමින්, රට බේරා ගැනීමට උත්සාහ කරන ආණ්ඩුව රාජ්‍ය ඇමතිවරු 37ක් පත් කර, ඔවුන්ගේ මයිල් ගහකටවත් හානියක් සිදුවීමට ඉඩ නොදෙන බව ද ඔහු පැවසීය.

හිටපු මහබැංකු අධිපති ඩබ්ලිව් ඒ ලක්ෂ්මන් ද   ද, අර්ධ රාජ්‍ය ආර්ථික පර්යේෂණ ආයතනයක වාර්තාවක් ද ඔක්. 22 නිකුත් වූ ලෝක බැංකු වාර්තාව ද උපුටා දක්වමින් ආර්ථික අර්බුදයේ මූලාරම්භය 2004න් පසුව සිදු වූ බව ඔහු පෙන්වා දුන්නේය. එම වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ, පී. බී ජයසුන්දර් හා නිවාඩ් කබ්රාල් ආර්ථික ඝාතකයින් ලෙසට සැලකිය යුතු බව ඔහු පැවසුවේය.

“දේශපාලඥයින් රටේ බංකොලොත්භාවයට වගකියන්න ඕනේ තමයි.. හැබැයි ජනතාවටත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ.. 2001 – 2003 කාලේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට යන අතර හරි නෑ කියලා තේරුම් අරගෙන ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම් වුණා. රාජ්‍ය සේවයට බඳවා ගැනීම තාවකාලිකව නවත්තලා වැඩි සේවකයින් ඉවත් කරන්න වීආර්එස් ස්කීම් එකක් ගේන්න හැදුවා. එතකොට මහින්ද රාජපක්ෂ, ජේවීපී එක එක්ක එකතු වෙලා ජනප්‍රිය සටන් පාඨ විකුණලා 2004 දී ඡන්ද ගත්තා. 2004 – 14 කාලේදී රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ලක්ෂ තුනහමාරකින් වැඩිවුණා..

රාජ්‍ය ආයතනවල පාඩුව කෝටි ගාණකින් වැඩිවුණා. 2009-14 කාලේදී රාජ්‍ය ආයතන 109 ඉඳලා 245 වෙනකම් වැඩිවුණා. සේවක සංඛ්‍යාව් 145000 ඉඳලා 265000 වෙනකම් වැඩිවුණා.. 2006-20 කාලේ වෙද්දී රාජ්‍ය ආයතනවල පාඩුව ට්‍රිලියන 1.2ක්.. 2020 දී ජනතාවට පොරෝනදු දීලා බදු ආදායම් කපා හැරලා සල්ලි අච්චු ගැහුවා… උද්ධමනය වැඩි වුණා.. සුරංගනා කතාවලට රැවටිලා ඡන්දේ දීපු නිසයි මේ දෙවල් වුණේ.. ජනතාවට වගකීමෙන් මිදෙන්න බෑ කියලා මම කියන්නේ අන්න ඒ නිසයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මේ වෙද්දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප්වලට රු. බි. 857ක් වැය වෙනවා. 2021 ණය පොලිය රු. බි. 1047ක්. මේ දෙකට විතරක් රාජ්‍ය ආදායමෙන් සීයට 130ක් වැය කරන්න ඕනේ.. ඉන් පස්සේ රටේ ඉතිරි වැඩවලට ආයෙමත් ණය ගන්න වෙනවා.. 2023 දීත් ඇති වෙන්නේ මේ තත්ත්වයමයි…”

අයවැයට පක්ෂ නැතැයි පැවසූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා රාජ්‍ය සේවකයින් ගැන සේම පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබඳව ද අවධානය යොමු කරන්න යැයි පැවසීය. ආණ්ඩුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන රැසකට ද පවතින බවත්, ආර්ථික ඝාතකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් සඳහන් කළේය.

එලෙසම රට වෙනිසියුලාවක් වීම වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද, මහජනතාව හා රජය අතර සම්මුතියක් ඇති කරමින් සියලු දෙනාටම සමානුපාතිකව සැලකීමට රජය අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාරිය වෙනුවට වෙනත් ඇඳුම් ඇන්ද ගුරුවරියන්ට විනය පියවර!…

Next Post

ධීවරයින්  වෙනුවෙන් දිනකට ඉන්ධන බවුසර 50ක්… බෙදා හැරීම ක්‍රමවත් කිරීමට සැලසුමක් දියත් වෙයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.