බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාභාරකාර තැනට භාරදුන් අන්තිම කැමති පත්‍ර 386ක් විවෘත කර නෑ… ඉන් සමහරක් අවුරුදු 90ක් පැරණියි.

විගණනය හෙළි කරන පුදුම කතාවක්….

by editor
මැයි 22, 2021
in පුවත්
last-will-and-testament
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මහාභාරකාරතැන වෙත භාරදුන් අන්තිම කැමතිපත්‍ර 386ක් වසර ගණනාවක සිට විවෘත හා වැඩ ආරම්භ නොකොට මහාභාරකාර දේපාර්තමේන්තුවේ සේප්පුවල හා අධිකරණයේ තැන්පත් කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මෙසේ විවෘත නොකළ හා වැඩ ආරම්භ නොකළ අන්තිම කැමතිපත්‍ර අතුරින් 254ක් 1931 වර්ෂයේ සිට 92 වර්ෂය දක්වා කාලය තුළදි මහාභාරකාර තැන වෙත භාරදුන් අන්තිම කැමති පත්‍ර බව විගණනයේ දි අනාවරණය වේ. අනික් අන්තිම කැමතිපත්‍ර 132ක් මහාභාරකාරතැන වෙත භාරදි ඇත්තේ 92 වර්ෂයට පසුව වේ.
එම අන්තිම කැමතිපත්‍රකරුවන් සම්බන්ධයෙන් තොරතුරු විධිමත් පරිදි නඩත්තු කර කාලිනව ඒ සම්බන්ධ තොරතුරු යාවත්කාලින කරගැනිමේ ක්‍රමවේදයක් මහාභාරකාර දෙපාර්තමේන්තුව නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

92 වර්ෂයට පෙර තැන්පත් කරනු ලැබු අන්තිම කැමතිපත්‍ර සම්බන්ධයෙන් ක්‍රියාත්මක විම සඳහා 2018 වර්ෂයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් හා පුවත්පත් දැන්විමක් මගින් තොරතුරු කැඳවා තිබුණි. එහිදි මියගිය 50 දෙනෙකුගේ හා ජිවත්ව සිටි 16 දෙනෙකුගේ තොරතුරු ලබාගත හැකිව තිබුණි.
තොරතුරු කැදවු 254න් 188ක් සඳහා තොරතුරු ලබා ගැනිමට නොහැකිවම හේතුවෙන් එම අන්තිම කැමතිපත්‍රවල සඳහන් අරමුණු ඉටුකළ නොහැකි තත්වයක් නිරික්ෂණය වු බවද විගණන වාර්තවේ සඳහන් වේ.
92 වර්ෂයට පසු තැන්පත් කළ අන්තිම කැමතිපත්‍ර සම්බන්ධ තොරතුරු රැස්කිරීම සඳහා කිසිදු සැලැස්මක් සකස්කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

විවිධ පාර්ශවයන් විසින් සිය අරමුණු ඉටුකිරිම සදහා තම දේපල අන්තිම කැමති පත්‍ර මගින් මහාභාරකාර තැන වෙත පවරනු ලැබේ. මහාභාරකාර දේපාර්තමේන්තුව විසින් ලබාදුන් තොරතුරුවලට අනුව 2019 ජුලි 31 වැනිදින වනවිට බුදල් 110ක් සම්බන්දයෙන් ක්‍රියාකිරිමට අධිකරණය අවසර ලබා දි තිබුණි.
බුදල් හා භාරකළමණාකරණය, විහාර වන්දි හා විදේශ වන්දි නිදහස් කිරිම, සහ ශිෂ්‍යාධාර, වෛද්‍යාධාර, අසරණාධාර, පුණ්‍යාධාර ආදි ආධාර මහාභාරකාර තැනගේ විෂය පථයට අදාලවේ. අංශ කිහිපයක් යටතේ මහාභාරකාරතැනට කාර්යයන් පැවරි ඇති බැවින් එම කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායිව ඉටුකිරිම සදහා දේපාර්තමේන්තුව විසින් උපායශිලි සැලසුම් සකස්කළ යුතුවුවත් එසේ සිදුකර නොතිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එමෙන්ම මහාභාරකාර තැන වෙත පවරා ඇති දේපල හදුනා ගැනිම, නිරවුල් කිරිම ආරක්ෂා කිරිම ආදි කටයුතු වෙනුවෙන් දක්වන උනන්දුව අවමවිම හා අසාමාන්‍ය කාලයක් ගතකිරිම, අධිකරණ නියෝග ක්‍රියාත්ම කිරිමේ මන්දගාමි තත්වය බුදල්කරුවන්ගේ අරමුණුවලට පටහැනි කාර්යන් වෙනුවෙන් සම්පත් හා කාලය අනවශ්‍යපරිදි වැය කොට ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.

දේපල නිසිලෙස කළමණාකරණය නොකිරිම, හේතුවෙන් ගැටළු ඇතිවිම ආදි කරුණුද මෙම දේපල සම්බන්දයෙන් පවතින ගැටළු දිගු කාලයක සිට නිරවුල් නොවිමට හේතුවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ආයතනික අරමුණු කාර්යක්ෂම ඉටුකිරිම සදහා සම්පත් අවශ්‍යතා පුරෝකථනය කර සපුරා නොගැනිමත්, උපායශිලි සැලසුම් සකස් නොකිරිමත් සංවිධාන හා පරිපාලන ව්‍යුහයේ පවතින දුර්වලතා හේතුවෙන් මහාභාරකාර තැනගෙන් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයෙන් ආයතනික පසුබිම ගොඩනගාගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම කරුණු නිසා විවිධ පාර්ශවයන් විසින් සිය දේපල මහාභාරකාරතැන වෙත පැවරිමෙන් අපේක්ෂිත විවිධ සමාජිය හා ආර්ථික ආගමික අරමුණු ප්‍රමානවත් පරිදි ඉටුනොවිම දක්නට ඇති බවද විගණනය මගින් අනාවරනය කොට ඇත.
මහාභාරකාර තැන වෙත පවරා ඇති බුදල් හා දේපල කළමණාකරණය සම්බන්ද ඇගයිම සදහා මෙම විගණනය කර තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

31ට පෙර හෙද ගැටලු විසඳන්න… නැතිනම් වැඩ නවත්වනවා… හෙද සංගමය කියයි…

Next Post

වරාය පනතට පක්ෂව දුන් මගෙ ඡන්දෙත් ගැනලා නෑ……. අධිකරණ ඇමති…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.