මගෙයි ජයරත්න හේරත්ගෙයි ඡන්ද නිවැරදිව ගණනය වුණානම් පනත සම්මත වෙන්නේ තුනෙන් දෙකකින්
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම දෝෂ සහාත බවත්, ඒ පිළිඳ විමර්ශනයක් කර නිවැරිදි ප්‍රතිඵල ජනගත කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණ ඇමති නීතිඥ අලි සබ්‍රි පවසයි.
මේ පිළිබදව අදහස් දක්වන අධිකරණ ඇමතිවරයා කියන්නේ පනතට පක්ෂව ඡන්දය දුන් තමාගේ හා ජයරත්න හේරත්ගේ ඡන්ද නිවැරදිව ගණනය වී නැති බවය. මෙම ඡන්ද දෙක හිමිවූයේ නම් පනත සම්මත වන්නේ තුනෙන් දෙකක බහුතරයකින් බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ඔහු මාධ්‍යයට පවසා තිබුණේ නිවැරදිව ඡන්දය පාවිච්චි කළත් කාරකසභා අවස්ථාවේ දී පනතට සිංශෝධන එකතුකිරීම පිළිබඳව දැඩි අවධානයෙන් සිටි හෙයින් ඡන්දය පාවිච්චි කිරීම රූපවාහිනී තිරයේ දිස්වූ ආකාරය නිරීක්ෂණය නොකළ බවය.
කෙසේ වෙතත් තුනෙන් දෙකක බහුතරයකින් මෙම පනත සම්මත වූ බව කියන අධිකරණ ඇමතිවරයා එම වරද නිවැරදිකිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇතැයි පැවසුවේය.