අද (01) සිට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 2.5ක් දක්වා පහළ දැමූ බවත් එහි වාසිය වාණිජ බැංකු විසින් ජනතාව වෙත ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේය.
අද මහ බැංකුවේ පැවිති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
උද්ධමනය අප හිතුවාට වඩා ඉක්මනින් පහළ බසින බවත් ලබන මස වනවිට උද්ධමනය තනි අංකයකට එනු ඇතැයි පුරෝකථනය කරන බවත් මහ බැංකු අධිපති නනන්දලාල් වීරසිංහ පවසයි.
මේ තත්ත්වය තුළ වෙළෙඳපල පොලී අනුපාතය අඩු කිරීමක් කරනවා. ඒ අනුව සියයට 2.5කින් ප්‍රතිපත්ති පොලී අනුපාතය අද අඩු කර තියනවා. අප හිතනවා වාණිජ බැංකු විසින් මේ අවස්ථාවට අනුව ඒ අයගේ වෙළෙඳපල පොලී අනුපාතය ඉතා ඉක්මනින් අඩු මට්ටම්වලට රැගෙන ඒවි කියලා.”
මහබැංකු අධිපතිවරයා කීවේ විදේශ විනිමය ලෙස මේ වනවිට භාවිතා කළ හැකි සංචිත බිලියන 1.6ක් දක්වා වර්ධනය වී ඇති බවය.