බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යයේ රඟන මිහින්තලේ හාමුදුරුවො නළුවෙක්… සල්ලි නෑ කියන මිහින්තලේට බෞද්ධයින්ගෙ අධාර ලැබෙන්නේ කෝටි ගණන්වලින්…

සියලුම මහ පන්සල් විගණනය කර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතේ අරමුදලක් පිහිටුවන ලෙස වනවාසී රාහුල හිමියන් ඉල්ලයි!

by editor
ජූනි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මේ වනවිට මාධ්‍යයේ රඟන ප්‍රධාන නළුවා වී ඇති මිහින්තලේ හාමුරුවන් සල්ලි නැති බව කියමින් හතර අතේ අවිද්දත් මිහින්තලේ  පන්සලට  ලැබෙන අධාර මුදල් ප්‍රමාණය   කෝටි ගණනක බව තමුන් දන්නේ යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති.

උන්වහන්සේ ජනාධිපතිවරයාට  යෝජනා කරන්නේ දානය වේලක් නැති ඈත ගම්බද දුෂ්කර පන්සල් ආරක්ෂා කරගෙන ශාසනය පවත්වා ගැනීම සඳහා මිහින්තලය, අනුරාධපුරය, දළදා මාළිගාව, කතරගම වැනි පූජා භූමිවල ආදායම විගණනය කර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතට පත් කර ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් නිශ්ඡිත වැඩපිළිවෙළක් දියත් කරන ලෙසය.

ඓතිහාසික කවුඩාගල ආරන්‍ය සේනාසනයෙ චෛත්‍යරාජයන් වහන්සේගේ සංරක්ෂණ කටයුතු සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (01) එක් වෙමින් වනවාසී රාහුල හිමියෝ කීහ.

කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහ නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහ නැගෙනහිර, පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්,  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී වැඩිදුරටත් පැමිණ සිටි පිරිස ඇමතූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල නාහිමියන් මෙසේද පැවසූහ,

“මිහින්තලේ හාමුදුරුවෝ එක්ක මගේ පෞද්ගලික අමනාපයක් නෑ. මම එයාට පෞද්ගලික පහර ගහනවා නෙමෙයි. සල්ලි නෑ සල්ලි නෑ කිව්වට කෝටි ගණන් මිහින්තලාවට හම්බෙනවා. අනුරාධපුරයට හම්බෙනවා.  දළදා මාලිගාවට හම්බෙනවා… කතරගමට…  සල්ලි ලැබෙනවා… විදේශිකයෝ ගිහිල්ලා ඩොලර් ගණන් මිටිගණන් ඒවට ලබාදෙන්නේ. “

“හැබැයි මේවගේ පන්සලට රුපියල් දාහක්   තියා සිමෙන්ති  කොට්ටයක් අරං දෙන්න ලොකු ලොකු පන්සල් වල අය ඉදිරිපත් වෙන්නේ නැහැ. “

“ මම වත්මන් ජනාධිපතිතුමාට  යෝජනා කරනවා   මේ පන්සල් වලට ලැබෙන මුදල් විගණනය කරලා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට ඒක පවරලා දීලා ඒ සම්බන්ධ කමිටුවක් හදන්න කියලා.  ඒක කරන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි…   මේ ආණ්ඩුවෙත් ඉන්නේ පට්ටපල් තක්කඩි හොරු.   ඒක නිසා මම වර්තමාන ජනාධිපතිවරයාගේ ඉල්ලනවා දේවාලගම් පනත ගෙනෙල්ලා, සංඝාධිකරණය පනත ගෙනෙල්ලා, ඒ වගේම මේ පන්සල්වලට, විහාරස්ථානවලට  ලැබෙන ආදායම් බෞද්ධ කටයුතු කොමසාරිස්ට භාරයට පත් කරලා නිසි විදිහට මේවා කරගෙන යන්න කියලා.

මේක අමාරු කාර්යයක්.  ප්‍රශ්න මතුවෙයි.  මට හිතෙනවා මේක කරන්න පුළුවන් වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාට පමණයි.

මෙම අවස්ථාවට, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, යුද හමුදාව,  අරගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ  ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෙඩී චන්ද්‍රපාල   ඇතුළු,  ප්‍රදේශයේ බෞද්ධ දායක කාරකාදීන් රැසක් එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශවේන්ද්‍රගෙන් විමල්ට එන්තරවාසියක්!

Next Post

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය අද සිට අඩු කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.