මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩාංගනය මුරකරු ඊයේ (16) රාත්‍රිය සහ අද අළුයම අතර කාලය තුළ එම විද්‍යාලයීය ක්‍රීඩා පරිශ්‍රය තුළ දීම ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ 8 Six Security service පුද්ගලික ආරක්ෂක සේවය විසින් රාජකාරිය සඳහා යොදවා තිබූ අන්නිලාගේ උපුල් සම්පත් නැමැති අවුරුදු 26.ක තරුණයෙකි. ඔහු ඉලුක්ඕවිට තුම්මෝදර පදිංචිකරුවෙකි.
අත් පා ගැට ගසා ඝාතනය කර තිබූ මෙම තරුණයාගේ සිරුර අද ( 17) උදෑසන පොලිසිය විසින් සොයාගෙන ඇත. මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








