අද (17) උදෑසන පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ මල්ලව ආරච්චිගේ සජිත් රංග නැමැති අයෙකි. ඔහු පෑලියගොඩ කළු පාලම අසල පදිංචිව සිටින කුඩු ජාවාරම් කාර කාන්තාවකගේ දුවගේ ස්වාමි පුරුෂයා බව මූලික විමර්ශනවල දී හෙළි වී ඇත. මෙම පුද්ගලයා බන්ධනාගාර ගතව සිට මීට සතියකට පමණ පෙර පැමිණි අයෙකි.
උදෑසන 6.30ට පමණ යතුරු පැදියකින් පැමිණි හඳුනා නොගත් ඝාතකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් මෙම පුද්ගලයාගේ නිවස තුළටම ගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







