මහනුවර නගර සීමාවේ පාසල් 24 කට ඩෙංගු අධි අවධානම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ප්‍රධානපෙළේ ජාතික පාසල් ඇතුළු පාසල් ද මෙම ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති අතර පසුගිය මාස දෙක තුළ මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මෙම පාසල් වෙත ඩෙංගු අවදානම පිළිබඳ දැනුම් දීම් සිදුකර තිබිණි.
මෙම රතු නිවේදන නිකුත් කරනු ලැබුවේ අදාල පාසල් පරිශ්‍රය තුළ ඩෙංගු මදුරු කීටයින් හඳුනා ගැනීමෙන් අනතුරුව බව මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ පැවසීය. මෙම රතු නිවේදන නිකුත් කර දැනුම්වත් කිරීමෙන් පසු මදුරු කීටයින් බෝවන ස්ථාන යථාවත් නොකරන්නේ නම් අවශ්‍ය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
මේවන විට මහනුවර නගර සීමාවෙන් ඩෙංගු රෝගයට ගොදුරු වූ පාසල් ළමුන් 266 හා නගර සීමා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් බවට සැක සහිත රෝගීන් 1090 ක් හඳුනා ගෙන තිබෙන බවත් ඩෙංගු බවට නිශ්චිතව හඳුනාගත් රෝගීන් 472 ක් සිටින බවත් ඔහු පැවසුවේය.
.







