මහනුවර දිස්ත්‍රික් තැපැල් නිලධාරීන් අද (15) දින සියලුම ඖෂධ වර්ග භාර ගැනීම හා බෙදීමේ රාජකාරිවලින් ඉවත්ව වී විරෝධතාවයක නිතර වීමට තීරණය කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කය තුළ සිදුකරන එන්නත්කරණ වැඩ සටහන තුළ රජයේ නිලධාරීන්ට එන්නත් ලබා දීම ආරම්භ කර තිබුණද තැපැල් කාර්යාල සේවකයන් ලෙස තමන්ට ඒ බව දැනුම් නොදීම හා මේ සම්බන්ධ අදාල අංශ දැනුම්වත්කළත් නොසලකා හැරීම නිසාත් තැපැල් දෙපාර්තමේන්තුව මේ වනතුරුත් තැපැල් නිලධාරීන්ට එන්නත් ලබා දීමට අපොහොසත් වී ඇති නිසාත් ඊට විරෝධය පෑම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව තැපැල් සේවා වෘත්තීය සංගම් 05ක් දන්වා තිබේ.
නිවෙස්වලට ගොස් ඖෂධ බෙදීම ඇතුලු කොවිඩ් අවදානම වැඩිම රාජකාරියක නිරත වී සිටින තමන් හැකි ඉක්මනින් ඵලදායී පිළිතුරක් අපේක්ෂා කරන බව මේ සම්බන්ධව මධ්‍යම පළාත් නියොජ්‍ය තැපැල්පතිවරිය වෙත එම සංගම් ලිඛිතව දන්වා ඇත.