අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මස්සිනා සමග යහන්ගත වී සිටිය දී පැමිණි පෙම්වතා මරා රන්දිය සෙවන මහල් නිවාසයේ  10 වැනි මහලෙන් දැම්ම 19 හැවිරිදි පෙම්වතිය…

by editor
අගෝස්තු 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 13 වැනිදා සිය පෙම්වතා තමන් ජීවත්වන රන්දිය උයන මහල් නිවාසයෙන් පහළට වැටී මිය ගිය බව පවසා 19 හැවිරිදි පෙම්වතිය විසින් කොළඹ ජාතික රෝහලට රැගෙන පැමිණි 23 හැවිරිදි තරුණයාගේ මරණය ඝාතනයක් බවත් එම තරුණියත් එම තරුණිය සමග මේ වනවිට ජීවත් වෙමින් ඇති ඇයගේ මස්සිනාත් එක්ව මෙම ඝාතනය කර ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධව මෙම 19 හැවිරිදි තරුණිය සහ ඇය සමග ජීවත් වෙමින් සිටි ඇයගේ සොයුරියගේ සැමියා පොලිස් අත් අඩංගුවටගෙන ඇත.

මහා සමාජ සංකීර්ණයක් වූ එම සිද්ධිය වාර්තාවන අයුරින් මෙසේය. සිද්ධිය හෙළි වන්නේ මෙම මරණකරුගේ පෙම්වතිය බව කී 19 හැවිරිදි තරුණිය විසින් සිදුකළ පාපොච්චාරණය අනුවය.

රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 19 හැවිරිදි තරුණියක පසුගිය 13 වැනිදා ජේ.මධුසංක නැමැති තරුණයෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආවාය. ඒ සිය පෙම්වතා බව කියමිනි.  ඔහු උඩුමහලින් පහළට ඇද වැටුණු බව ඇය කීවාය.

මෙම මරණයේ  පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සැකයක් ඉදිරිපත් නොවීම නිසා සිරුර ඥාතීන්ට භාර දී තිබිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එහෙත් මිය ගිය තරුණයාගේ ඥාති මාමා කෙනෙකුට මෙම මරණය ගැන සැකයක් ඇති වී තිබිණි. ඒ තරුණයාගේ පෙම්වතිය සමගත් ඇයගේ වැඩිමල් සොයුරිය සමග ජීවත් වෙමින් සිටිනු ලබන බව කී  පුද්ගලයෙක් ගැනය.

මියගිය තරුණයාගේ මාමා  තමන්ගේ සැකය පොලිසියට පැමිණ මේ සම්බන්ධව පැමිණිල්ලක් කළේය

ඒ අනුව මිය ගිය තරුණයාගේ පෙම්වතිය වූ 19 හැවිරිදි තරුණිය අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර කළේය. පොලිසියට හෙළි වූයේ මහා සංකිර්ණ කතාවකි.

මෙම තරුණිය රන්දිය සෙවන නිවාස සංකීර්ණයේ 10 වැනි මහලේ නිවාසයක ජීවත් වෙමින් සිට ඇත්තේ  සිය වැඩිමල් සහෝදරිය සහ බාල සොයුරිය සමගය.   තරුණියගේ අක්කාට වයස අවුරුදු 23කි. තරුණියට අවුරුදු 19කි. ඇයගෙ නැගනියට අවුරුදු 18කි.   තරුණියන් තිදෙනාම අයිස් මත්ද්‍රව්‍යය පාවිච්චි කරන්නියන්ය.

ඇයගේ වැඩිමල් සොයුරිය ජීවත් වී ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් වැලිගොඩ පදිංචි නිෆ්ලාන් නැමැති 26 හැවිරිදි තරුණයෙක් සමගය. ඔහුත් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූ අයෙකි.  ඔහු මේ තිදෙනා සමග මහල් නිවාසයේ ජීවත් වී ඇත.

නිෆ්ලාන් සමග ජීවත් වීම අපහසු බව කියමින්  තරුණියනියගේ  වැඩිමල් සොයුරිය විදෙස්ගත වන්නේ මේ අතරය. ඉන් පසු නිෆ්ලාන් සිය බිරයගේ තරුණ සොයුරියන්  දෙදෙනා සමගම ජීවත් වෙමින් එම මහල් නිවාසයේ ගත කර ඇත.

මේ අතර 18 හැවිරිදි බාල සහෝදරිය ගැබ් ගෙන ඇති බව හෙළි වී ඇත. මෙම 19 හැවිරිදි තරුණිය මිය ගිය පෙම්වතා බව කී  මධුසංඛ නැමැති තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නේ සිය මස්සිනා සමග ජීවත් වෙමින් සිටිනා අතරමය.

මේ  සම්බන්ධතාවය  ගොඩනගා ගැනීමට නිෆ්ලාන් විසින්  එරෙහි වී ඇත. මේ තරුණියන් දෙදෙනා පිළිබඳව ලිංගික ආධිපත්‍ය ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබේ.

පසුගිය 13 වැනිදා මධුසංක නැමැති තරුණයා සිය පෙම්වතිය ජීවත් වූ නිවසට පැමිණ තිබෙන්නේ මේ වටපිටාවේ දී ය.  ඒ අවස්ථාවේ සිය පෙම්වතිය නිෆ්ලාන් සමග යහන්ගත වී සිටින ආකාරය ඔහු දැක ඇත.

එයින් උරණ වූ මධුසංක සිය පෙම්වතියට පහර දිමට උත්සාහ කර ඇත. එහිදී නිෆ්ලාන් මෙම තරුණයාට බිම පෙරළාගෙන පහර දී රෙදි කැබැල්ලකින්  ගෙල සිරකර මරා දමා 19 හැවිරිදි පෙම්වතිය  හා එක්ව උඩුමහලින් බිමට තල්ලු කර ඇත. අනතුරුව ඇය සිය පෙම්වතා උඩුමහලින් බිම්‍ට වැටුණු බව කියමින් ඔහු රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

මේ වනවිට ඝාතනයට ප්‍රධාන චූදිතයා වූ  ග්‍රෑන්ඩ්පාස් වැලිගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නිෆ්ලාන් අත් අඩංගුවට ගෙන ඇත.

මෘත දේහය ලබන සඳුදා මහේස්ත්‍රාත් ඉදිරියේ ගොඩගැනීමට නියමිතව තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ට් එරෙහිව තරඟ වැදීමට සූදානම් වන රාමස්වාමි ‘පොරොන්දු ඉටු කරන අපේක්ෂකයෙක්’ යැයි එලෝන් මස්ක් කියයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.