සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්වතු හිරිපිටියෙන් ඩීසල් ලීටර 400ක් සමග තොග රැස් කරන්නෙක් අත් අඩංගුවට… දිවයින පුරා නීති විරෝධී  ඉන්ධන තොග එකතු කරන්නන් සොයා මෙහෙයුම්….

by editor
මාර්තු 3, 2026
in පුවත්
සැකකරු රැස් කර තිබූ ඩීසල් තොගය අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන පැමිණි අවස්ථාව...

සැකකරු රැස් කර තිබූ ඩීසල් තොගය අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන පැමිණි අවස්ථාව...

Share on FacebookShare on Twitter

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂ්ම ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අද (03) පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.

පිරවුම්හල්වලින් අවස්ථා කිහිපයකදී බැරල්වලට ඉන්ධන ලබාගෙන මෙලෙස රහසිගතව ගබඩා කර ඇති  මෙම පුද්ගලයා අත් අඩංගුවට පත් වන්නේ රට තුළ ඇති වී තිබෙන අතාර්කික  ඉන්ධන පෝලිම් සමග නීති විරෝධී ලෙස  ඉන්ධන තොග එක් රැස් කරන්නන් සොයා සිදුකරන දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් මාලාවක් අතර තුරය.

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ  උතුරු අර මංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුවූ මෙම සැකකරු හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉරානයට එල්ල වූ ප්‍රහාරත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යා හැකි බවටත්, මෙරටට ඉන්ධන ගෙන්වීම සීමා විය හැකි බවටත් පවතින අනියත බිය හේතුවෙන් පසුගිය මාර්තු 01 වැනිදා සිටම විවිධ ප්‍රදේශවලින් මෙවැනි නීතිවිරෝධී රැස්කිරීම් වාර්තා වී ඇත.

ඉන්ධන පිරවුම්කරුවන් කියන්නේ එකම පුද්ගලයා   ඉන්ධන පුරවාගෙන ගොස් ටැංකි හිස්  කර දිනකට කීප වරක්  නැවත නැවත  පෝලිමට පැමිණ ඉන්ධන රැස් කරන බවය. ඇතැම් කාන්තාවන්  පවා මේ ආකාරයේ ඉන්ධන රැස් කිරීම්වලට සම්බන්ධ වන බව ඔවුන්ගේ අත්දැකීමය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

මේ වනවිට බොහෝ නිවෙස්වල මේ ආකාරයේ අතිරේක ඉන්ධන රැස්කිරීම් පවතින බව පොලිසියට තොරතුරු  ලැබෙමින් ඇති බව වාර්තා වේ.

ඊයේ (02) දින අනුරාධපුර සහ තඹුත්තේගම ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එහිදී පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 250කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනුණි.

මාර්තු 01 වැනිදා මීගමුව ආශ්‍රිත ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා නිකුත් කරන ඉන්ධන අවභාවිත කරමින් ගබඩා කර තිබූ ස්ථාන දෙකක් වැටලීමට පොලිසිය සමත් විය.

මෙලෙස ඉන්ධන තොග රැස්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පිරවුම්හල් අසල අනවශ්‍ය පෝලිම් නිර්මාණය වී ඇති අතර, එය රට තුළ සැබෑ ඉන්ධන හිඟයක් පවතින බවට වැරදි චිත්‍රයක් මවාපෑමට හේතු වී තිබේ.

මේ ආකාරයේ පෝලිම් ඇති වී තිබෙන්නේ  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා,  විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා පමණක් නොව රටේ ජනාධිපතිවරයා ද  ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි පවතින බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින පරිසරයක් තුළය. මේ වනවිට රටේ ඇති ඉන්ධන තොග ප්‍රමාණය සම්බන්ධව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව අමතමින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරනු ලැබුවේය.

ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව නිවාස හෝ වෙනත් ස්ථානවල මෙලෙස දැවෙන සුළු ද්‍රව්‍ය ගබඩා කිරීම දැඩි අනතුරක් මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් මූලස්ථානය පවසයි. බලපත්‍ර රහිතව මෙලෙස ඉන්ධන රැස් කරන්නන් හඳුනා ගැනීමට ඉදිරි දින කිහිපය තුළ ද දිවයින පුරා පිරවුම්හල් සහ සැකකටයුතු ස්ථාන ආශ්‍රිතව පරීක්ෂණ දැඩි කිරීමට උපදෙස් දී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුමාර් සංගක්කාරගේ පියා ස්වර්ණ කුමාර සංගක්කාර අභාවප්‍රාප්ත වෙයි!

Next Post

අහිංසක දරු කැකුළු 165ක් පණ පිටින් වළ දැමමින්   ඉරානයේ  මිනාබ් පාසලට එල්ල වුන ම්ලේච්ඡ  ඇමරිකානු ප්‍රහාරයේ   කතාව…  

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.