අසේල කුරුළුවංශ –
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පියාණන් වූ නීතිඥ ස්වර්ණ කුමාර සංගක්කාර අද (03) පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.
දේහය මහජන ගෞරව සඳහා මහනුවර ධර්මරාජ මාවතේ පළමු පටු මග පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබෙනු ඇත.
ස්වර්ණ කුමාර සංගක්කාර ගේ අවසන් කටයුතු හෙට (04) දින පස්වරු 06 ට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
සිව් දරු පියෙකු වන ඔහු වසර 50 ක පමණ කාලයක් නීතිඥ වෘත්තියේ නිරත වුයේය.







