සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම කියන්නේ ඇත්ත… ඇය දුටු විට ඇයව බදා ගන්න හිතුනා… ගලගෙදර උසාවියේ දී නීතිඥවරියක බදාගෙන පෙරළාගත් සැකකරු විවෘත අධිකරණයේ දී කියයි…

සැකකරුට නීතිඥවරයෙක් ඉදිරිපත් වුනේ නෑ...  වින්දිත පාර්ශවයට නීතිඥවරු 30ක ගෙන් යුතු නීතිඥ මණ්ඩලයක්...

by editor
ඔක්තෝබර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

“ඇය දුටු විට මට ඇයව බදාගන්න සිතුනා. හෙරොයින් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා මං ඒ වෙලාවට කරන්නේ මොකක්ද මම දන්නේ නෑ… මම මේ කියන්නේ ඇත්ත..”

ගලගෙදර කළුවානේ ලලිත් සඳරුවන් නැමැති සැකකරු අද (25) ගලගෙදර දිසා මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක   ඉදිරියේ දී  විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

විත්තිකරු මෙම ප්‍රකාශය සිදුකළේ නීතිඥ සංගම් සභාපති වරු ලේකම්වරු ඇතුළු නීතිඥවරු හැටක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් උසාවියේ දී නීතිඥවරියක බදාගෙන ගෙල සිර කළ බවට කියන සිද්ධිය සම්බන්ධ නඩුව විභාග වූ අවස්ථාවේදීය.

ගලගෙදර දිසා අධිකරණයේ දී  නඩුවක් විභාගය වෙමින් පවැති මොහොතක සිරමැදිරියෙන් පැනවිත් නීතිඥවරියකගේ ගෙල සිර කළ බව කියන  චෝදනාවට අදාළ නඩුව අද  කැඳවූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මෙම සිදුවීම මත අධිකරණයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව කියා සිටියහ.

අධිකරණයට අපහාස කිරීම මිනීමැරීමට තැත් කිරීම ලිංගික අතවර සිදු කිරීම ට තැත් කිරීම තුවාල සිදු කිරීම යන චෝදනා මත ගොනු කොට ඇති අදාළ නඩු මහනුවර අධිකරණයට මාරු කර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයාගෙන් නිතිඥවරු ඉල්ලීමක් කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නීතිඥවරිය ගේ ගෙල සිරකොට ඇත්තේ ගංජා ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීමේ චෝදනාව මත ඉකුත් 16 දා  ගලගෙදර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන  ගලගෙදර අධිකරණයට රැගෙන ගොස් සිටි  සැකකරුවෙකු ය.

සැකකරු සිය නඩු විභාගය හමාර කොට ඉන් ලද  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකිරීමේ තීන්දුව මත අධිකරණ රැඳවුම්භාරයේ තබා සිටිය දී වෙනත් නඩු විභාගයක් සඳහා සැකකරුවකු  සැකකරුවන් රඳවා සිටින රැඳවුමෙන්  පිටතට ගනු ලබන අවස්ථාවේ යකඩ දොර තල්ලු කර දමා විත් නීතිඥවරිය ගේ ඇඟට පැන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිඥවරු එක්ව සැකකරුගේ ග්‍රහණයෙන් නීතිඥවරිය මුදා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගෙන තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව සැකකරුගෙන් කරුණු විමසා එම කරුණු මත එදිනම එම චෝදනාව 25 වැනිදා  තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබ තිබුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සඳහා කරුණු විමසන අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කොට සිටියේ තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම නීතිඥවරිය දැක ඇති බවත් ඇය පිළිබඳ උපන් ආශාව මත ඇයගේ   සිරකොට අල්ලා ගත් බවත්ය.

සැකකරු වෙනුවෙන්  අධිකරණයේදී එකදු නීතිඥවරයෙකු හෝ පෙනී නොසිටි අතර ඔහු මුල් දින ප්‍රකාශ කළ  ප්‍රකාශයම අද  25 දිනයේදීද අධිකරණයේ කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාරයට දැනුම් දුන් අතර අදාළ නඩුව නොවැම්බර් 8 වැනි දින යළි කැඳවීමට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියවසකට වඩා පැරණි මඩකලපුවේ සිංහල සුසාන භූමිය ඩෝසර් කරයි…

Next Post

සම්බපන්ධන් ” කල් ඉකුත් වී ” ඇතැයි කී සුමන්තරන්ට පක්ෂයෙන් විරෝධය!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.