අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මමත් දැන් දියණියකගේ තාත්තා කෙනෙක්… මුල්වරට සජිත් කියයි!

by editor
පෙබරවාරි 25, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

තමන් දියණියකගේ ආදරණීය තාත්තා කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුල් වරට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළේය.

විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (24)     මහනුවර මහයියාව  වේවැල්පිටිය ක්‍රිඩාංගණයේදී පැවැත්වූ  කන්ද උඩරට සමගි කාන්තා සමුළුව අමතමිනි.

විපක්ෂ නායකවරයා මෙසේ කීවේය.

මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මටත් දියණියක් ඉන්නවා.   පියෙක් වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකු මහත් වෙලා  හොඳ අධ්‍යාපනයක් ලබලා රටට දේශයට ගුණවත් ශිෂ්ට සම්පන්න උගත් බුද්ධමත් පුරවැසියෙක් බවට පත් වීම.

ඒක මගේ ප්‍රාර්ථනාව. මා දන්නවා මගේ කතාව අසා සිටින හැම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාවත් ඔබගේ දරුවන් ගැන තියෙන්නෙත් ඒකයි. හැම තාත්තා කෙනෙකුගෙම තමන්ගේ දූ දරුවන් ගැන තියන ප්‍රාර්ථනාවත් අන්න ඒකයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මම පහුගිය දවසක මගේ දියණියට මගේ බිරිඳත් සමග   රෝහලට ගියා ඒ අදාල එන්නත් ලබා දෙන්න.  ඒ එන්නත් ලබා දෙනකොට  මම හැමදේම අහනවා. හැම දේම හොයලා බලනවා.  ඒක මගේ ගතියක්.  මම අහනවා මොන කාලෙට ද මේ එන්නත දෙන්නේ. මොනවට ද මේ එන්නත දෙන්නේ. මොන රැකවරණයද මේ එන්නතින් ලැබෙන්නේ. එහෙම කියනකොට මගේ දියණිය රැක බලා ගන්න ඒ ළමා රෝග විශේෂඥවරයා කිව්වා මගේ දියණියට SYNFLORIX කියන වැක්සීන් එක ගහන්න කියලා.

කමක් නෑ. අපි ඒක ගහමු කිව්වා. හැබැයි එතුමා කියනවා ඒක අපේ රටේ දරුවන්ට ගහන්නේ නැතිලු රජයේ සෞඛ්‍ය පද්ධතියේ. එතකොට මම ඇහැවා ඒ වැක්සින් එක කියක් වෙනව ද කියලා. ඒක හත් දහස් අටසීයක් වෙනවලු. හැබැයි රජයේ රෝහල්වලට යන  මේ අම්මලා තාත්තලාගේ දූ දරුවන්ට මේ වැක්සීන් එක ගහන්න බෑ. ඒක අත්‍යාවශ්‍යම වැක්සීන් එකක්.

බැක්ටිරියාවක් තියනවා නිව්මෝනියා හැදෙන   Streptococcus pneumoniae. කියලා. මම ඇහුවා ඩොක්ටර් මගේ දුවට කියනවා මේක ගැනීම වැදගත් කියලා. එතකොට මේ  අනිකුත් අම්මලා තාත්තලගේ දුවා දරුවන්ට මේක ගහන්නෙ නැද්ද කියලා.

ඩොක්ටර් කියනවා නෑ… ඒ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ නෑ. මොකද ගාන වැඩි නිසා. ඔන්න අද අපේ රටේ තත්ත්වය. හත් දාස් අටසීයක් හොයා ගන්න පුලුවන් අම්මලා තාත්තලා තමන්ගෙ දූ දරුවන්ට පෞද්ගලික අංශයෙන් ඒ බෙහෙත අරන් ගහනවා.   නමුත් මේ රටේ සුවහසක් බහුතර ජනතාවට ඒ වැඩම නෑ. මම මේ අම්මා කෙනෙකුටම කියනවා  මම මේ තියන වෙනස අනිවාර්යයෙන්ම ඉවත් කරලා දේශපාලනඥයාගේ දරුවාට පෞද්ගලික ක්ෂේත්‍රයෙන් ලැබෙන සැලකිල්ලම  රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ රටේ බිහිවෙන හැම දුවෙකුටම පුතෙකුටම ඒ වරම ලබා දීමේ වගකිම මම බාරගන්නවා.

සජිත් ප්‍රේමදාස කීවේ තමන් මේ වේදිකාවට නැග්ගේ කිසිවෙකුට බනින්නට නොව, කාන්තාවන් මේ රටේ විඳින ප්‍රශ්නටිකට පිළිතුරු ලබා දෙන්න බවය.

තමන් කී හැම වචනයක්ම මහපොළොවේ යථාර්ථයක් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහවැලි ගඟේ ගිලුණු පේරාදෙණිය වෛද්‍ය සිසුවා දැඩි සත්කාර ඒකකයේ….

Next Post

වැඩ බලන පොලිස්පතිගේ ඉරණම හෙට කැබිනට්ටුවේ දී සාකච්ඡාවට… මාස 03ක සේවා කාලය බදාදා රෑ 12 ට ඉවරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.