මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම් වලට එල්ලකරන පහරදීම් සංවිධානාත්මකව සිදුවන්නක් බව ආරක්ෂක අංශ සැකකරයි.
දිගින් දිගටම සුරුවම් වලට ප්‍රහාර එල්ලවීම හේතුකොටගෙන ඊයේ සිට හමුදාවේ සහ පොලීසයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මන්නාරමේ ක්‍රියාත්මක කර ඇත.
පොලිස් ප්‍රධානියෙක් සඳහන් කරනු ලැබුවේ හිටි හැටියේම සිදුකරන මෙම පහරදීම ජනතාව අතර යම් නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදු කරන්නට ඇතැයි සැකයක් පවතින බවකි.
මෙම ප්‍රහාරයන් එල්ලවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් අනතුරුව බැවින් ඒ ගැනද සැකයක් ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය