කාන්තාවන් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමට දැන්වීම් පලකර ඇති වෙබ් අඩවි රැසක තොරතුරු ළමා හා කාන්තා කාර්යාංශයට ජනතාවගෙන් ලැබෙන්නට පටන්ගෙන තිබේ.
ජනතාවගෙන් ලැබෙන එම තොරතුරුවල ඇත්තේ මෙරට කතුන් ලිංගික කටයුතු සදහා පමණක් නොව, මෙරට රැදී සිටින විදේශිය කතුන් පවා ලිංගික කටයුතු සදහා විකිණිමට දැන්වීම් පළකර ඇති වෙබ් අඩවි පිළිබඳ තොරතුරු බව ළමා හා කාන්තා කාර්යාංශයේ තොරතුරු සදහන් කරයි.
එම වෙබ් අඩවි මේ වන විට හදුනා ගනිමින් සිටින බවත් ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරිගණක විමර්ශන ඒකකයේද සහය ලබාගනිමින් ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.
මෙම වෙබ් අඩවිවිල කාන්තාවන් අලෙවි වන්නේ රුපියල් 10000 සිට ඉහළ මිල ගනන් වලටය. දින ගණන් සති ගණන් ලෙසද කාන්තාවන් අලෙවි වන බව එම වෙඩ් අඩවි නිරීක්ෂණයේද පෙනී යන බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.