මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ඝාතන සැකකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියේ ඝාතකයා ලෙස සැලකෙන්නේ යුද හමුදා සෙබලෙකි. ඔහු නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සක්‍රීය සේවයේ යෙදී සිටින්නෙකි. ඔහු මෙම ඝාතනය කර ඇත්තේ මුදල් කොන්ත්‍රාත්තුවක් මතය. ඉතාම දක්ෂ ලෙස අදාල ඉලක්ක තෝරාගෙන තැතිගැනීමකින් තොරව දුරක සිට ක්ෂණයකින් ගිනි අවිය ක්‍රියාත්මක කර කළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඉතාම පලපුරුදු වෙඩික්කරුවෙක් බවට පොලිසිය සිද්ධිය වූ අවස්ථාවේදීම අනුමාන කර තිබිණි. ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකි වූයේය.
මෙම ඝාතනයට සහාය දුන් පුද්ගලයා ලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේත් යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබලෙකි. මෙම ඝාතන දෙකෙන් කියැවෙන්නේ ආරවුලක දාම ඝාතන මාලාවක හත් වැනි ඝාතනය ය. මෙම ඝාතන වැලේ තුන්වැනි හතරවැනි වෙනි ඝාතන ලෙස 2023 අගෝස්තු මස 24 වැනිදා අඩම්පන් ප්‍රදේශයේ දී පිස්තෝල අවියකින් වෙඩි තබා තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය වන්නේය. මෙම ඝාතනයට ආධාර උපකාර කළ විශ්‍රාමික හමුදා සෙබලා මෙම ඝාතන දෙකේ වෙඩික්කරුය. සිද්ධියට අදාල ඝාතන 04 වෙඩික්කරුවන් දෙදෙනා දැන් පොලිස් භාරයේය.
අධිකරණ භූමියේ ඝාතනයට පසු ප්‍රධාන සැකකරුවන්ගේ රේඛා සටහනක් සමග මහජනතාවෙන් තොරතුරු ඉල්ලා පොලිසිය නිවේදනයක් නිකුත් කළේය. අනතුරුව සැකකරුවන් දුටු තැන අත් අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ද නිකුත් කරමින් පොලිස්කණ්ඩායම් 04ක් විමර්ශන සඳහා යොදවනු ලැබුවේය.
ඒ අනුව මේ වනවිට සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. විමර්ශන ක්‍රියාත්මකය.







