දිනසේන රතුගමගේ –
මන්නාරම අධිකරණය ඉදිරිපිට අද (16 ) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇත.
ඝාතකයින් පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. පැදිකරු සහ ඝාතකයා ලෙස දෙදෙනෙක් මෙම ඝාතනයට පැමිණ තිබේ. වෙඩි තබා ඝාතනය කරන්නේ නඩු කටයුත්තකට පැමිණි දෙදෙනෙකි. තුවාල ලබන්නේ ද නඩුවක් සඳහා පැමිණි අයය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







