fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රි ඩයනා ගමගේට නව තනතුරක්

මාස 6ක් ago
in පුවත්
453 5
0
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (29) තේරි පත්විය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද උප-සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද් කුමාර්, වීරසුමන වීරසිංහ සහ මර්ජාන් ෆලීල් යන මහත්වරුද තේරි පත්විය.

මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුෂාරෆ් මහතාද තේරි පත්විය.

රැස්වීම අමතමින් කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දශක ගණනාවක සිට පැවතෙන ද්වීපාර්ශවීය සබදතා මෙම සංගමය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

එසේම දකුණු අප්‍රිකානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළද සහකරු වන දකුණු අප්‍රිකාව සමග නිදහස් වෙළද ගිවිසුමකට එළඹීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ද කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා අභිනව නිලධාරී මඩුල්ලට සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර සිටියේ සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ අන්තර් සහයෝගීතාව ශක්තිමත් වනු ඇති බවයි.

වර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය පිළිබදවද මෙහිදී මහකොමසාරිස්වරයා අදහස් දැක්වීය.

මෙම වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල්වුවද එහි ප්‍රභවය දකුණු අප්‍රිකාව නොවන බවත් ඒ පිළිබදව පැතිරෙන මතය සාවද්‍ය බවත් මහකොමසාරිස්වරයා පැවසීය.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවී අන්‍යෝන්‍ය සහයෝගීත්වය වර්ධනය තුළින් ව්‍යවස්ථාදායක ද්විත්වය අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

 හමුදා සෙබළුන්ගේ ආහාර වේල් ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක  අපට කියූ කතාව!

Next Post

අද කොවිඩ් මරණ 18යි…

Related Posts

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

මැයි 26, 2022
Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

මැයි 25, 2022
Sagara-Kariyawasam

රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!
  • අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!
  • රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!
  • රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!
  • හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

ජනප්‍රිය පුවත්

  • අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

    175 shares
    Share 70 Tweet 44
  •  දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    285 shares
    Share 114 Tweet 71
  • මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

    218 shares
    Share 87 Tweet 55
  • කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

 දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

by editor
මැයි 26, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු...

Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

by editor
මැයි 25, 2022
0

අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය සේවාව තුළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist