මනම්පිටිය නිමල් ජයරත්න –
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලෑයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි මොහොමඩ් නසිම්ට පහර දීමේ සිද්ධියට එරාවුර් පොලිසිය මගින් ඊයේ (08) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා , ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට එරාවුර් මහේස්ත්‍රාත් මදුන් චලා නියෝග කළාය.
සැකකරුවන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබිණි.
එරාවුර් පල්ලි අසල සහ පොලිසිය අසලදී අවස්ථා දෙකකදී ගුටි ඇන ගත් දෙපිරිස මඩකලපුව රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ගෙන තිබිණි.
මෙම ගැටුමට පවුල් ආරවුලක් සහ පල්ලියේ සිද්ධියක් බලපා ඇති බව පරීක්ෂණ සිදු කරන එරාවුර් පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත් අඩංගුවටගෙන අධිකාරණයට ඉදිරිපත් කිරිමෙන් රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ මස්සිනා සහ තවත් ඥාතියකු බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා මේ වන විටත් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි. සිද්ධිය පිළිබද එරාවුර් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි







