තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය එන්නත් කර දිනකට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන හා දියණිය කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
වැටලීම සිදුකළ අවස්ථාවේ පළාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බව කියන එම සැකකරුවන් දෙදෙනා අදළා ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකාරියගේ පුතුන් දෙදෙනා බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ අදාළ නිවස තුළ හා නිවස අවට තිබී මත්ද්‍රව්‍යය එන්නත් කිරීමට යොදාගත් එන්නත් කටු 300 ක් පමණ පොලීසිය සොයාගෙන තිබේ.
මත්ද්‍රව්‍යය එන්නත් කර ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට මෙම ස්ථානයට තරුණ තරුණයින් පැමිණ තිබෙන බවත් ඔවුන් ගෙන් රුපියල් 3000 ත් 4000 ත් අතර මුදලක් අයකර තිබෙන බවත් පොලීසිය පවසයි.
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 28 ක් ළඟ තබාගෙන සිටියදී ප්‍රධාන සැකකාරිය මෙයට කලකට ඉහතදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඊට අදාළ නඩුව මහනුවර මහාධිකරණයේ මේවන විට විභාග වෙමින් තිබේ.
කඩුගන්නාව පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී රත්නායකගේ මෙහෙයවීමෛන් මෙම වැටලීම සිදුකර ඇත.







