දිනසේන රතුගමගේ –
මත්කුඩු පානය සඳහා කෝවිලේ රන් කාසි පහක් හොරකම් කර ස්වර්ණාභරණ අලෙවි සලකට විකිණූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ යාපනයේ කෝවිලක පූසාරිවරයෙක් ඊයේ (13 ) අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පූසාරිවරයා විසින් එම රන් කාසි උකස් තබන ලද රිසිට් පතද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර ඔහුව පොලීසියෙන් අත් අඩංගුවට ගන්නා විටත් ඔහු මත්ද්‍රව්‍ය පානය කොට සිටීම නිසා ඔහුව ඌර්කාවතුරේ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කොට තිබේ.
මේ සතියේම යාපනයේ තවත් කෝවිලක පූජකවරයෙකු කෝවිලේ පින්කැට හා රන් භාජනයක් කඩා මුදල් හා ස්වර්ණාභරණ හොරකම් කිරීමේ සිද්ධියක් යාපනයෙන් වාර්තා වූ අතර පොලීසිය එම පූසාරිවරයාද අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව බන්ධනාගාර ගත කොට ඇත.
අත් අඩංගුවට ගත් පූසාරිවරයා ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඌර්කාවතුරේ පොලීසිය පියවර ගෙන තිබේ.







