මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව කෝරාවේලි කැලෑ ප්‍රදේශයේ තිබී ටී 56 ගිනිඅවියක් සහ එහි පතුරම් අටක් ඊයේ (12) සවස 3.00 ට පමණ සොයාගත් බව මඩකලපුව බුද්ධි අංශ සහ ආරක්ෂක සමූහය පවසයි.
මෙම ටී 56 ගිනි අවිය ඝාතනයක් සඳහා පාවිච්චි කර මඩකලපුව කෝරාවේලි කැලෑබද ප්‍රදේශයේ දමාගොස් ඇද්ද යන්න සැක කරන බව පවසන බුද්ධි අංශය මේ පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කොට තිබේ.
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන මඩකලපුව බුද්ධි අංශයට සහ යුධ හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම ටී 56 ගිනි අවිය සහ පතුරම් සොයාගෙන ඇත.
එම ටී 56 ගිනිඅවිය හා පතුරම් කලවංචිකුඩි විශේෂ කාර්ය බලකා කඳවුරට බාර දුන් බවත් ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ඔවුන් හරහා සිදුකරන බවත් මඩකලපුව බුද්ධි අංශ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.







