සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගීන් 242න් 241 මිය ගිය බව තහවුරු වෙයි… මළ සිරුරු හඳුනා ගත හැකි එකම මාර්ගය DNA පරීක්ෂණය පමණයි… ඉන්දීය බලධාරීහු කියති…

by editor
ජූනි 13, 2025
in පුවත්
මරණය තහවුරු වනතුරු...

මරණය තහවුරු වනතුරු...

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

  • විශ්වාස් කුමාර් රමේෂ්ගේ දිවි ගලවා ගැනීම විශ්වාස කළ නොහැකි පුදුමයක්… ධරුණු අනතුරක දී එක්කො සියල්ලම මැරෙනවා… නැතිනම් ජීවත් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා… මේ ජීවිතය බේරීම පැහැදිලි කරන්න බැහැ… විශේෂඥවරු කියති!

අහමදාබාද් සිවිල් රෝහලෙන් පිටත එකම ශෝකාලාපයකි. තහවුරුවන පරිදි අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා විශ්වාස් කුමාර් රමේෂ් පමණි. මේ 40 හැවිරිදි ඉන්දියානු බ්‍රිතාන්‍ය ජාතිකයා හැර යානයේ ගමන් ගත් ඉතිරි 241 දෙනාම මියගොස්ය.

242 දෙනා අතර කාර්ය මණ්ඩලයේ 12කි. මගින් 230කි. ඉන්දියානුවන් 169ක්, බ්‍රිතාන්‍ය වැසියන් 53ක්, පෘතුගීසි ජාතිකයින් 07ක් සහ කැනේඩියානු ජාතිකයෙක් ඒ අතරය. දරුවෝ 11 දෙනෙක් ද යානයේ උන්හ. දැන් විශ්වාස් කුමාර් රමේෂ් හැර අනෙක් සියලුම දෙනා ජීවතුන් අතර නැත.

පැහාදිලි කළ නොහැකි දිවි ගලවා ගැනීම

11A ආසනයේ සිටි   දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ  විශ්වෂ්කුමාර් රමේෂ්ගේ ඥාති සහෝදරයාවූ ධිරෙන්ද්‍ර සෝමබායිට ඔහු  පවසා තිබුණේ තමන්  ඔහු දිවි ගලවා ගත්තේ කෙසේදැයි නොදන්නා බව යැයි බීබීසී ය කීවේය. ඉන්දියා ටුඩේ සිද්ධිය මෙසේ වාර්තා කර තිබුණේය. “මහා ශබ්දයක් ඇසුණා, ගුවන් යානය ගුවන්ගත වෙමිනුයි තිබුණේ. එවිට නියමුවාගේ හඬ ඇහුණා… ‘මේඩේ! මේඩේ! මේඩේ! … මට මතක දොරකින් පැනීම විතරයි… වෙන කිසිම දෙයක් මගෙ මතකයට එන්නේ නෑ… ධිරෙන්ද්‍ර සෝමබායිට විශ්වාස් කුමාර් මේ බිහිසුනු අත්දැකීම පවසා තිබුණේය”

මේ දිවි ගලවා ගැනීමත් දැන් උභතෝකෝටිකයක් වී ඇත. ගුවන් සේවා විශේෂඥයින් පවසන්නේ එක් පුද්ගලයෙකු පමණක් දිවි ගලවා ගත්තේ කෙසේද යන්න “පැහැදිලි කළ නොහැකි” බවය.

ඔවුහු මෙසේ පවසති. “බොහෝ විට අනතුරු වලදී, එක්කෝ ඔබ දිවි ගලවා ගත් විශාල සංඛ්‍යාවක් දකිනවා, නැතහොත් අනතුර ඉතා දරුණු වූ නිසා ජීවත්වන කිසිවෙක් ඔබට දකින්න ඉතිරි වෙන්නේ නෑ”.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ වනවිට අහමාදාබාද් සිවිල් රෝහලේ රෝහලේ B7 වාට්ටුවේ 11 වැනි ඇඳේ සුවය ලබමින් සිටින විශ්වාස් කුමාර් රමේෂ් වෙත ප්‍රවේශයන් සීමා කර දැඩි ආරක්ෂක තත්ත්වයක් යටතේ ප්‍රතිකාර ගැනීමට ඉඩ සලස්වා තිබේ.

මළ ගෙයක් වූ අහමදාබාද් සිවිල් රෝහලේ අඳෝනාව

එකම අනතුරකින් මරණ 241ක්… අහමදාබාද් සිවිල්  රෝහල මළගෙයක් සේය. විටෙක නිහඬ හැඬුම් යටපත් කරමින් වේදනාත්මක විලාපයන් ඇසේ. මේ වනවිට මිය ගිය මගීන් සියලු දෙනාගේම පාහේ ඥාතීන් අහමදාබාද් සිවිල් රෝහලේ වේදනාකාරී දිගු රාත්‍රීන් පහන් කරමින් සිටිති.

අනතුරින් මියගිය අයගේ මළ සිරුරු හඳුනා ගැනීමට ඇති එකම මාර්ගය DNA පරීක්ෂණය බව රෝහල් බලධාරියෙක් උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කළේය. සමහරු තවමත් ඔවුන්ගේ DNA සාම්පල ලබා දීමට පෝලිම්වල රැඳී සිටිති. දැනටමත් ඒවා ලබා දී ඇති අය බලධාරීන්ගෙන් සිය ඥාතියා ගැන නිශ්චය කරගැනීමේ වේදනාත්මක කල්මැරීම සමගය.

මේ අතර තවමත් මුදවා ගැනීමේ සේවකයින් අනතුර සිදුවූ ස්ථානයේ සුන්බුන් පීරමිනි. ඒ මිය ගිය මගීන්ගේ සිරුරු සොයමිනි.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය වූ ස්ථානයට සහ තුවාල ලැබූ පුද්ගලයින් රැගෙන ගිය රෝහලකට ගියේය. ඔහු වාර්තාකරුවන්ට කතා කළේ නැත. කතා කළ හැකි දෙයක් ඉතිරිව නැත. අනතුරින් එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි 242 දෙනාගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලන්ම මිය ගොස්ය.

අනතුරට හේතුව තවමත් නොදන්නා අතර වැඩි විස්තර සපයන කළු පෙට්ටි දෙක විමර්ශකයෝ තවමත් සොයමින් සිටිති. සිදුවී ඇත්තේ කුමක් ද ?. මේ මොහොත වනවිටත් ලෝකය වික්ෂිප්තවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ ජර්මානු නිල සංචාරයේ තෙවන දිනය අදයි…

Next Post

ලංකා ගුරු සංගමයෙ සභාපතිගේ වැඩ තහනම් කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.