භාරතයේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලත් ජනකාන්ත ගායිකා ලතා මංගේෂ්කාර්ට කොවිඩ් ආසාදනය වී තිබේ.
ඇය දැන් 92 හැවිරිදි වියේ පසුවන්නීය.
මේ වනවිට මෘදු රෝග ලක්ෂණ පෙන්වමින් ඇතත් ඇය මුම්බායි හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ තත්වය බරපතල නොවන බව ඇයගේ ලේලියවන රචනා ෂා මාධ්‍යය වෙත තහවුරු කර තිබිණි.
“ඇය හොඳින් ඉන්නවා; ඇයව දැඩි සත්කාර ඒකකයේ තබා ඇත්තේ ඇයගේ වයස සලකා බලා පූර්වාරක්ෂාකාරී හේතූන් මත පමණි. කරුණාකර අපගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. ඇය වෙනුවෙන් යාඥා කරන්න,” රචනා පැවසුවාය.
ලතා මංගේෂ්කාර් මීට දෙවසරකට පෙර, එනම් වර්ෂ 2019 සැප්තැම්බර් මාසයේදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා රෝහල් ගත කර තිබිණි.. “ පපුවේ වෛරස ආසාදනයකින් පෙළුණු නිසා අප ඇයව රෝහලට ගෙන ගියා. නමුත් දැන් ඇය යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා.. ඔබේ සැලකිල්ලට ස්තූතියි,” රචනා එම අවස්ථාවේදී මාධ්‍යය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කීවාය.
මේ අසහාය ගායිකාව හින්දි චිත්‍රපට 1,000 කට වැඩි ගණනකට ගායනයෙන් එක් වී ඇත. ඇය ගුවන් විදුලි චිත්රාගාරයක් තුළ මුල්ම වරට ගීතයක් පටිගත කරන්නේ මීට අසූ වසකරට පෙර, 1941 දෙසැම්බර් 16 වෙනිදාය,