පසුගිය දින කීපය තුළ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජ මාධ්‍ය තුල මතු කර තිබුණත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කර නැති බවත්, මතුවී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව අපකිරීත්යට පත් නොකර ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර දැනට කථානායක ධූරයෙන් ඉල්ලා අස්වන බවත් කථානායක අශෝක සපුමල් රන්වල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මේ මොහොතේ අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සමහර ලියකියැවිලි තමන් සතුව නැති බව අශෝක රන්වල පවසයි.
ඔහු කියන්නේ එම ලියකියැවිලි අදාල ආයතනවිල්න ලබා ගැනීම කඩිනමින් සිදුකිරීම දුෂ්කර වී ඇති බවය. තමන්ගේ ආචාර්ය උපාධිය සම්බන්ධ සහතික ඉදිරියේ දී ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව ද අශෝක රන්වල අවධාරණය කරයි.
ඔහු මාධ්‍ය වෙත නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.








