බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුත්තල බදු ඉඩමට අත තියන්න එපා… කතරගම දේවාලයේ බස්නායක නිලමේට අධිකරණ නියෝගයක්1

by editor
දෙසැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

පුද්ගලික සමාගමක් විසින් වසර 30ක කාලයක් සඳහා බදු පදනමින් ලබාගෙන ඇති කතරගම දේවාලයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි අක්කර 550ක ඉඩම යළි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින්  පවරාගෙන වෙනත් පාර්ශවයක් වෙත ලබා දිමට ගෙන ඇති තීරණයකට එරෙහිව අදාල සමාගම විසින් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු ඒ පිළිබද කරුණු සළකා බැලූ නුගේගොඩ දිසා අධිකරණය බදුකරු බදු කාලය අවසන් වන තුරු නීති විරෝධී අයුරුන් අදාල ඉඩමෙන් නෙරපා නොහරින ලෙසත්, වෙනත් පාර්ශවයකට ඉඩම බදු දීමක් හෝ ‍වෙනත් පැවරිමක් සිදු නොකරන ලෙසත් හා එහි සිදුවන කටයුතුවලට අවහිර වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙසටත් කතරගම බස්නාකය නිලමේවරයාට  අතුරු ඉන්ජන්සන් ආඥාවක් නිකුත් කර තිබේ. නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි. 

අධිකරණයේ දී වාර්තා වුන සිද්ධිය මෙසේය.

කතරගම දේවාලයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි අක්කර 550ක ඉඩමක් මෙරට ප්‍රකට සමාගමක් විසින් 2008 වසරේදී 30 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන ඊට අදාල බදු මුදල් දේවාලයට ගෙවමින් භුක්ති විදිමින් සිට ඇත.  එම සමාගම විසින් තවත් මෙරට ප්‍රකට කෙසෙල් නිශ්පාදනය කරන සමාගමක් සමග එක්ව වගා ගිවිසුමකට එළඹ මේ වන විට එහි වගා කටයුතු කරගෙන යමින් තිබේ. එහෙත් රුහුණු කතරගම මහා දේවාලයේ වත්මන් බස්නායක නිළමේවරයා   මෙම බදු ඉඩමට අදාලව බදුකරු විසින් හිඟ බදු මුදල් ගෙවා නොමැති බව පවසමින් අදාල බදු කරු සමග ගිවිසුමකට එළඹ සිටින අනිත් පාර්ශවයට ඍජුවම   අදාල ඉඩම බදු දිමට තීරණය කර තිබේ.

ඒ අනුව බස්නායක නිළමේ වරයාගේ මෙම ක්‍රියාවට එරෙහිව දැනට වසර 30ක කාලයක් සදහා ඉඩම බදුගෙන ඇති සමාගම විසින් නුගේගොඩ දිසා අධිකරණයට කරුණු වාර්තා කෙරුණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහිදී වසර 30ක කාලයක් සඳහා අදාල ඉඩම තම සමාගම දේවාලයෙන් ලබාගෙන බදු මුදල්ද  නිසිපරිදි ගෙවා ඇති බවත්, මෙම ඉඩමේ තවත් පාර්ශවයක් එක්ව වගා ගිවිසුමකට එළඹ එහි වගා කටයුතු සිදුකරගෙන යන්නේද බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයාවද දැනුවත් කර ඔවුන්ගේද නිසි අවසරයක්ද ලබා ගැනීමෙන් අනතුරුව බවත් අදාල සමාගම අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා තිබේ.

ඊට අදාල සියලු ලිපි ලේඛන හා බදු මුදල් ගෙවු රිසිට් පත් ආදියද අදාල සමාගම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

මෙහිදී අදාල සමාගම අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ කතරගම දේවාලයට අයත් අක්කර 550ක ඉඩම් කොටසින් අක්කර 125කට වැඩි කොටසක් මේ වනතුරුත් කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා විසින් නිරවුල් කර දී නොමැති බවත් එම කොටසේ අනවසර පදිංචි කරුවන් පදිංචිව සිටින බවත්ය. එසේ තිබියදීත් 2008 වසරේ සිට අක්කර 550ටම බදු ගෙවිම අදාල සමාගම විසින් සිදුකර ඇති බවත් සමාගම අධිකරණයට කරුණු දක්වා තිබේ.

එසේ තිබියදි බස්නායක නිළමේවරයා විසින් අදාල ඉඩමේ බදු මුදල වැඩි කිරීම නිසා මෙවර බදු ගෙවීමේදි අක්කර 550ක කොටසින් අක්කර 125ක කොටස අත්හැර බදු ගෙවීම සිදුකිරිම නිසා මේ තත්වට උද්ගතව ඇති බව අදාල සමාගම විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කරුණු සළකා බැලූ නුගේගොඩ දිසා විනිසුරුවරයා නඩු විභාගය මේ මස 17 වන දින දක්වා කල් තැබූ අතර එතෙක් අදාල ඉඩමේ කටයුතුවලට බාධා නොකරන ලෙසට කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර වෙත අතුරු ඉන්ජසන් ආඥාවක් නිකුත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිලින්ඩරයත් එක්ක දිගය ඉවරයි… ශ්‍රි.ල.නි.ප සිරිපාල පාර්ශවය නිවේදනය කරයි!

Next Post

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHS හි 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වෙයි

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.